පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වර්ජනයක

බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් වැඩ වර්ජනයක

by Staff writer 18-07-2018 | 8:21 AM
COLOMBO (News 1st) - බස්නාහිර පළාත් පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් අද සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. ඒ, ජ්‍යේෂ්ඨ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් පිරිසකට ගම් ප්‍රදේශවලට ස්ථාන මාරු ලබා නොදී නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් පිරිසකට සිය ගම් ප්‍රදේශ ආසන්නයට පත්වීම් ලබා දීමට විරෝධය පළ කරමිනි. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මහත්මිය සඳහන් කළේ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 18ක වර්ජනය ක්‍රියාත්මක බව ය. මේ හේතුවෙන් සායන 27ක් අවලංගු කිරීමට සිදු වන බව ද ඇය පැවසුවා ය. මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතාගෙන් නිව්ස්ෆස්ට් විමසීමට උත්සහ කළ ද ඔහු දුරකතනයට ප්‍රතිචාර නොදැක්වී ය.