ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sakila Udayakumara

18 Jul, 2018 | 7:12 am

COLOMBO (News 1st) 

1. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය අවට අනවසර ගොඩනැගිලි ඉවත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.

ක්‍රීඩාංගණයේ ප්‍රධාන ප්‍රේක්ෂකාගාරය ද ඊට ඇතුළත් වීම විශේෂත්වයකි.

2. ETI තැන්පත්කරුවෝ ඊයේ තම තැන්පතු සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා මහ බැංකුවට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියහ.

මහ බැංකුවට පැමිණි ETI තැන්පත්කරුවන්ට නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී තිබිණි.

3. බස්නාහිර පළාත තුළ ඒඩ්ස් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විදෙස් පුවත්

4. ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී පැවැත්වුණු ට්‍රම්ප් සහ පුටින් සුපිරි බලවතුන්ගේ හමුව මේ වන විට ලෝකයේ ම අවධානයට ලක්ව තිබේ.

ඔවුන් දෙදෙනා පැය දෙකක් පුරා රහසිගතව සාකච්ඡා කර ඇත.

ක්‍රීඩා පුවත්

5. 21 වන ලෝක කුසලාන පාපන්දු කිරුළ දිනාගත් ප්‍රංශ කණ්ඩායම යළි සිය රට බලා පැමිණියේ ය.