ETI තැන්පත්කරුවන්  ජනාධිපති ලේකම් කාර්යාලයට

ETI තැන්පත්කරුවන් සාධාරණය ඉල්ලා මහ බැංකුවට හා ජනාධිපති ලේකම් කාර්යාලයට යයි

by Staff writer 17-07-2018 | 10:38 PM
 

COLOMBO (News 1st) -  ETI තැන්පත්කරුවන් අදත් තම තැන්පතු සම්බන්ධයෙන් සාධාරණයක් ඉල්ලා මහ බැංකුවට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ගියේය.

මහ බැංකුවට පැමිණි ETI තැන්පත්කරුවන්ට නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දී තිබුණි. සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව් දෙනාගේ පෞද්ගලික වත්කම් සම්බන්ධයෙන් මහ බැංකුව වාර්තාවක් ඉල්ලා ඇති බව තැන්පත් කරුවන්ට එහි දී දැනුම් දී තිබේ. ETI තැන්පත්කරුවෙක්
අද වෙන තුරු මේ අය තමන්ට තියන පෞද්ගලික දේපල කිසිම දෙයක් සෙන්ට්‍රල් බැංකුවට දැනුවත් කරලා නෑ කියනවා එතකොට දැන් මේ ඒ අනුව සෙන්ට්‍රල් බැංකුව සියලු පියවර අරන් තියනවා කියලා කිව්වා මෙයාලගෙ පෞද්ගලික වත්කම් ගැන හොයන්න. අපට කියන්න තියෙන්නෙ මේ අවස්ථාවේදි තැන්පත්කරුවෝ සියලුම දෙනා එකතුවෙලා මේ අධ්‍යක්ෂක මණ්ඩලයට බල කර්න්න ඕන කොඓන් හෝ අපේ සල්ලි අපි දාපු සල්ලි මේ බිලියන පහලොව ගෙනත් දාලා අපට සාධාරනය කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා
අනතුරුව පිරිස මුදල් අමාත්‍යංශයට හා ජනාධිපති ලේකම් කාර්යාලයට ද පැමිණි සාකච්ඡා කළේය. ETI තැන්පත්කරුවෙක්
අතිගරු ජනාධිපතිතුමාගේ සම්බන්ධීකරණ ලේකම් සුනන්ද කාරිප්පෙරුම මහතා හමුවුණා. එතුමාගෙන් අපිට ලැබුණ උත්තරය තමයි. ආයතනයක් සහ පුද්ගලයකු අතර සිද්වුණ ගිවිස ගෙන ඇති ගණදෙනුවක් හා සමාන දෙයක් තමා මෙතන සිද්ධ වෙලා තියෙන්නේ මහ බැංකුවේ නියාමනය පමණයි. මෙතන සිද්ධ වෙන්නේ කියලා. මහ බැංකුවේ නියාමන කියන්නේ ඔයලගේ මුදල්වලට වගකියනවා නෙවෙයි කිවා. ඒහේමනමි අපේ මුල්‍ය ආයතනවල මහ බැංකුව මේ සමිබන්දව නියාමනය කරන්නේ නැත්නම් අපේ රටේ තිබෙන සියලුම ෆිනැෂ් කමිපැණි මුල්‍ය ආයතන සම්බන්ධ ගැටළුවක් තියෙනවා. අපි දන්නේ නැහැ මහ බැංකුව ප්‍රකාශ කරන්නෙත් නැහැ. මූල්‍ය ආයතනවල කොපමණ ඇතුලේ හිල් තියෙනවාද කියලා. කොපමණ මුදල්වල අඩුවක් තියෙනවාද කියලා