by Staff writer 17-07-2018 | 9:46 PM
ෆින්ලන්තයේ හෙල්සින්කි අගනුවරදී පැවැත්වුණු ට්‍රම්ප් සහ පුටින් සුපිරි බලවතුන්ගේ හමුව මේ වන විට ලෝකයේ ම අවධානයට ලක් ව තිබේ.
ඔවුන් දෙදෙනා පැය දෙකක් පුරා රහසිගතව සාකච්ඡා කර ඇත.
සෝවියට් දේශය බිඳ වැටී වසර 30 ක්ගත වූවත් අදටත් එය අමෙරිකාව හා සමාන සුපිරි බලවතෙකි.
නමුත් පසුගිය වසර කිහිපය තුළ ඇතිවුන විරසකය මේ රටවල් දෙක පැරණි සීතල යුධ සමයට ගෙන ගියේ ය.
අමෙරිකානු ජනපති ට්‍රම්ප් පැවසූවේ, රටවල් දෙක අතර පවතින පරස්පර අදහස් ගැන ජනපති පුටින්ත් දිගින් දිගටම සාකච්ඡා කළ අතර රුසියාවත් අමෙරිකාවත් අතර ප්‍රගතිශීලී කතාබහක් ඇතිවූවිට ලෝක සාමය සහ ස්ථාවරභාවය පිළිබඳ නව මාවතක් විවෘත වන බවයි.
රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් පැවසුවේ, මොස්කව් සහ වොෂින්ටන් දෙපාර්ශවයටම පොදු අරමුණු රැසක් ඇති බව ත් ඒ සම්බන්ධයෙන් සහයෝගයෙන් කටයුතු කිරීම ජාත්‍යන්තර ආරක්ෂාවට අතිශයින්ම වැදගත් බවයි.
මෙහිදී රුසියානු ජනපතිවරයා විසින් ජනපති ට්‍රම්ප් ට ලෝක කුසලාන පාපන්දුවක් සමරු තිළිණයක් ලෙස ලබා දුන්නේ ය.
මේ සාකච්ඡාවේදී ට්‍රම්ප්ගේ හැසිරීම අමෙරිකානු දේශපාලනය තුළ දැඩි කතාබහකට ලක් ව ඇති බව විදෙස් වාර්තාවල සඳහන් වේ.