by Staff writer 17-07-2018 | 5:25 PM
COLOMBO (News 1st) - මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවන් වූ විත්තිකරුවන් තිදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කර තිබේ.
ඒ ,1999 වර්ෂයේ නොවැම්බර් 02 වන දා පන්නිපිටියේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කිරීම සහ ඔහුගේ බිරිඳට බරපතළ තුවාල සිදු කිරීම යන චෝදනාවලට වරදකරු කරමිනි.
තව ත් අධිචෝදනා දෙකකට ඔවුන් වරදකරුවන් බව, තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා පළමු විත්තිකරුට බරපතළ වැඩ සහිත අවුරුදු හතහමාරක සිරදඬුවමක් සහ සෙසු විත්තිකරුවන් දෙදෙනාට වසර 06 ක් බැගින් සිර දඬුවම් නියම කළේය.
මීට අමතරව විත්තිකරුවන්ට රුපියල් 50,000 බැගින් වූ දඩයක් ද නියම කෙරිණි.
අසල්වැසියන් අතර ඇති වූ ගැටුමකදී මෙකී ඝාතනය සහ තුවාල සිදුකර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.