බස්නාහිර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට

බස්නාහිර ඒඩ්ස් ව්‍යාප්තිය ඉහළට

by Staff writer 17-07-2018 | 10:25 PM

COLOMBO (News 1st) - බස්නාහිර පළාත් තුළ ඒඩ්ස් රෝගීන් වාර්තා වීම ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේය.

ශ්‍රී ලංකාව තුළ ජනගහන ඝණත්වය අධිකතම මෙන්ම සීඝ්‍රයෙන් කාර්මිකරණයකට ලක්වන පළාත වන්නේ බස්නාහිර පළාතයි. 2017 වසරේ බස්නාහිර පළාත තුළ නව ඒඩ්ස් රෝගීන් වාර්තාවීම ද සැළකිය යුතු වර්ධනයක් දැකිය හැකියි. බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා
කොළඹ දිස්ත්‍රික්කයේ 70ක්. ගම්පහ 40ක් හා කළුතර 20ක්. මීට වර්ෂ ගාණකට පෙර මුළු ලංකාවෙවත් වර්ෂයකට 20ක් වාර්තා වුණේ නැහැ
මෙයද ඇතුළුව පළාත තුළ ප්‍රධාන සෞඛ්‍ය ගැටළු 05ක් හඳුනාගෙන ඇතැයි බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පෙන්වා දෙන්නේය. එනම්, - රිය අනතුරු - ඩෙංගු - එච්.අයි.වී.ඒඩ්ස් - දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග හා - මත්ද්‍රව්‍යයි. මාධ්‍යවේදියාගේ ප්‍රශ්නය - බස්නාහිර පළාත ඇතුලේ මේ අංශ 5 යටතේ දැඩි අවධානමක් තියෙනවා කියල ද ඔබතුමා කියන්නේ? බස්නාහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා
පැහැදිලි ලෙසම. හවස ප්‍රවෘත්ති බලන්න වාඩිවුණාම ගොඩක් වෙලාවට ප්‍රවෘත්ති පටන් ගන්නේ මාරක රිය අනතුරකින්. ගොඩක් වෙලාවට වෙන්නේ සිහියෙන් රිය පදවන්නේ නැති හින්දා. ඒ වගේම අපි පැහැදිලිව දන්නවා ඩෙංගු. අපි එක්තරා සැලසුම් සහගත ස්ථානයක හිටියා එච්.අයි.වී. වැඩිවීම අවම මට්ටමක තිබුණේ. දැන් ක්‍රමක් ක්‍රමයෙන් හැම වසරේම නව රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා වෙනවා. බෝ නොවන රෝග ගැන අපි හොඳටම. කොතරම් සුලබද කියලා අපි දන්නවා. මත්ද්‍රව්‍ය සංවාදය එන්න එන්නම වැඩිවෙනවා