පේරාදෙණියේ ඉංජිනේරු පීඨය වසා දැමේ

පේරාදෙණියේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දැමේ

by Staff writer 17-07-2018 | 11:31 AM
COLOMBO (News 1st) : පේරාදෙණිය විශ්වවිද්‍යලයේ ඉංජිනේරු පීඨය දින නියමයක් නොමැතිව වසා දමා තිබේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා සඳහන් කළේ, අද පස්වරු 2 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස සියලු සිසුන්ට දැනුම් දී ඇති බවයි. ඉංජිනේරු පීඨ සිසුන්ගේ නොසන්සුන්කාරි හැසිරීම පීඨය දින නියමයක් නොමැතිව වසා දැමිමට හේතුවූ බව උපකුලපතිවරයා සඳහන් කළේ ය. දැනුම් දී ඇති උපදෙස් පිළිනොපදින සිසුන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගන්නා බව ද උපකුලපතිවරයා වැඩිදුරටත් පැවසී ය.