.webp)
එක්සත් ජනතා නිදහස් සන්ධාන පා.ම, පද්ම උදයශාන්ත, විවිධ සන්නද්ධ කණ්ඩායම් උතුරේ සැරිසරමින් විවිධ ඝාතන සිදුවීම් විවිධ ප්රහාරයන් විවිධාකාරයෙන් සිදුවුනා. ඔබතුමාගෙන් මම අහන ප්‍රශ්නේ තමයි මේ පිළිබඳව පූර්ණ වාර්තාවක් මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකි ද කියන එකනීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය, නලීන් බණ්ඩාර,
පැහැදිලිවම මෙතන ත්‍රස්තවාදී කණ්ඩායමක් නෙවෙයි. මේ ආයුධ අතට ගත්තු දකුණු ඉන්දියානු චිත්‍රපටි බලලා ඒකෙන් උන්මාදයට පත්වුනු කණ්ඩායමක් මීට වඩා බරපතළ ගණයේ ආයුධ සන්නද්ධ කණ්ඩායම් මේ දකුණේ ඉන්නවා. දකුණේ මවන භිෂණය ආවා කල්ලිය පෙන්නලා කොට් එනවා කොට් එනවා සම්පුර්ණ වැරදියි.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පා.ම, පද්ම උදයශාන්ත,
අද පත්තරේ තියෙනවා ඉදිරි පෙළම පාතාලයේ 5 දෙනෙක් ඇමතිවරයෙක්ගේ රැකවලුන් බවට පත්වෙලා කියලා. පොලීසිය වාර්තා කරලා තිබෙනවා. ඒ සිද්ධිය සත්‍ය නම් ඒ සම්බන්ධව ගනු ලබන ක්‍රියාමාර්ගය ඇමතිවරයා කවුද එහෙම පාතාලය තියාගෙන හිටිය ද කියන එක මේ පාර්ලිමේන්තුව දැනුවත් විය යුතුයි. ඒ සම්බන්ධව නීති ක්‍රියාමාර්ග මේ රටේ වගකියන පාර්ලිමේන්තුවේ ඇමතිවරයෙක්ට ලංකාවේ පාතාලයේ ඉන්න ඔක්කොම මිනිස්සු ටික රැකවලුන් විදියට තියාගන්න පුලුවන්නම් මේ රටේ ආරක්ෂාව මොකක් ද?නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,
පාතාලය හැදුවේ වැඩුවේ කවුද කියන එක මේ රටේ අය හොඳට දන්නවා. පැහැදිලිව ඒ කරුණු සම්බන්ධව අපි හොයලා බලලා මේ ගරු පාර්ලිමේන්තුවට දැනුවත් කරන්න කැමතියි. ඔය පාතාලයේ අපි අද කතාවෙන ප්‍රධාන නම් පහුගිය කාලයේ කවුරු එක්ක ද හිටියේ කියන එක අපි පැහැදිලිවම හෙළිදරව් කරනවාඅග්රාමාත්ය, රනිල් වික්‍රමසිංහ
මේක ලංකාදීපේ පත්තරේ දැකලා මම කිව්වා ලංකාදීප පත්තරෙන් හොයාගන්න කියලා කොහෙන්ද මේ තොරතුරු ආවේ. මොකද පොලීසිය කිව්වම එතන පොලීසියේ නිල ප්‍රකාශ කියලා නැ ඉතින් අපි හොයාගෙන කියන්නම්. අනික මේ ගැණු දූෂණය කරපු ප්‍රාදේශිය සභා සභාපතිවරයෙක් අයින් කරන්න බැරි පක්ෂයක් ද මෙහෙම කැගහන්නේ. තංගල්ලේ අර විදේශිය කාන්තාව දූෂණය කරපු සභාපතිවරයෙක්ට නඩු දාන්න බැරි අය ද මේ කතා කරන්නේ. පාතාලය තියාගත්තා ස්ත්‍රී දූෂකයෝ තියාගත්තා දැන් ඇවිල්ලා තකා කරනවානීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර,
පහුගිය කාලේ මගුල් ගෙවල්වලට පාතාල නායකයෝ ඇවිල්ලා ඉන්නවා. ඒ අය ගැනත් අපි ඉදිරියේදි හෙළිදරව් කරනවා