ගෝඨාභයට වඩා මම හොඳයිනේ - මර්වින් සිල්වා කියයි

ගෝඨාභයට වඩා මම හොඳයිනේ - මර්වින් සිල්වා කියයි

by Staff writer 17-07-2018 | 8:46 PM

COLOMBO (News 1st) - අමාත්‍ය සරත් ෆොන්සේකා සහ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා යන මහත්වරුන් ස්ථාන දෙකකදී ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිබඳව අදහස් පළ කර තිබේ.

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා,
ගෝඨාභය රාජපක්ෂ කියන්නේ ඔයගොල්ලෝ මේ අඩිකෝනයක් දැකලානේ මේ කතා කරන්නේ. ඔයගොල්ලෝ දැක්කද මහසොහොනා, ඔයගොල්ලෝ දැක්කද පෙරේතයෝ ?? ඔයගොල්ලෝ දැක්කද කියන්නකෝ. මේ නොදැක්ක කෙනෙක් ගැන කතා කරන්න එපා. ගෝඨාභය කියන්නේ කවු ද? මේ රටේ වීරත්වයෙන් හමුදාව සටන් කරන වෙලාවේ රට දාලා ගිය එකෙක්නේ අමෙරිකාවට. ඒ මිනිහද රටේ ජනාධිපති කරන්න කියන්නේ. හමුදාවේ එහෙම නැද්ද තව වීරවරයෝ. ගෝඨාභය මේ පිස්සුවක්නේ මේ යක්කුන්ට. ඊට වැඩිය හොඳයිනේ මේ මර්වින් සිල්වා.
තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා,
හොඳයි ඉතින් එයාගේ අතීතය ගැන මුළු රටම දන්නවනේ, සුදූ වෑන් ඒ ඔක්කේම වැඩ කරපු ආකාරය. නීතිය අතට අරන් දේපොළ කොල්ලකාපූ හැටි. මම දැන් ඊයේ හිටියේ හම්බන්තොට. හම්බන්තොට තමයි මම රට වටේ යනකොට දැකපු විනාශකාරීම තැන. හැම තැනම ගල් කොරි දාගෙන හාරනවා. වැලි ගොඩ දානවා. පරිසර අවශ්‍යතාවන් සම්පූර්ණයෙන් අමතක කරලා තමයි ඒවා කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේ මුළු රටටම ආයේ කර ගන්න ඕනනම් ඔය ඔබතුමා කියපු අය ගෙන්න ගන්න පුලුවන්.