ඇඹිලිපිටිය සභාපති එම්.කේ. අමිලට මාස 03ක සිරදඬුවමක්

ඇඹිලිපිටිය ප්‍රා. සභාවේ සභාපති එම්.කේ. අමිලට මාස 03 ක සිරදඬුවමක්

by Chathuranga Rajapaksha 17-07-2018 | 4:32 PM

COLOMBO (News 1st) - ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අමිල මහතාට අද මාස 03ක සිරදඬුවමක් නියම කෙරිණි.

ඒ, පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීමේ සිද්ධියකට ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති නඩු විභාගයෙන් අනතුරුවයි. පොලිස් නිලධාරියාට රුපියල් 30,000ක වන්දියක් ගෙවන ලෙසට ද ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් එච්.අයි.කේ. කාහිංගල මහතා නියෝග කර සිටියේය. ඊට අමතරව රුපියල් 1500 බැගින්, රුපියල් 3000ක දඩයක් ද ප්‍රාදේශීය සභා සභාපතිවරයාට නියම කෙරිණි. අදාළ චෝදනාවට වරදකරු බවට නිගමනය කළ, ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට වසරක සිරදඬුවමක් නියම කර එය මාස 09ක් සඳහා සඳහා අත්හිටවනු ලැබිණි.