අල්ලස් හා දූෂණ නිවාරණය පාසල් විෂය නිර්දේශයට ත්

අල්ලස් හා දූෂණ නිවාරණය පාසල් විෂය නිර්දේශයට ත්

by Staff writer 17-07-2018 | 8:57 AM
අල්ලස් හා දූෂණය නිවාරණය පිළිබඳව පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට පියවර ගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් ජනාධීපති නීතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන්, ජාතික අධ්‍යාපන ආයතනයේ සහ අධ්‍යාපන අමාත්‍යාංශ නිලධාරීන් සමග සාකච්ඡා කර ඇති බවයි. ඒ අනුව කඩිනමින් අල්ලස් හා දුෂණය පිළිබඳව සහ දූෂණය පිටු දැකීමට අදාළ කරුණු පාසල් විෂය මාලාවට ඇතුළත් කෙරෙනු ඇති. පාසල් මට්ටමින්, සියලු පාසල් ආශ්‍රීතව සුපිළිපන්න සමාජ බිහි කිරිමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කරන බව ද ජනාධිපති නිතිඥ සරත් ජයමාන්න මහතා සඳහන් කළේ ය. ඒ සඳහා කොමිසමේ නිවාරණ නිලධාරීන් ද යොමු කරන බව ඔහු පැවසී ය.