රු. මිලියන 18 ක රත්‍රං තොගයක් කටුනායකදී රේගු භාරයට

රු. මිලියන 18 ක රත්‍රං තොගයක් කටුනායකදී රේගු භාරයට

by Staff writer 16-07-2018 | 3:34 PM

COLOMBO (News 1st) - රුපියල් මිලියන 18 කට අධික වටිනාකමකින් යුත් රත්‍රං තොගයක් නීති විරෝධීව දිවයිනට රැගෙන ආ ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක, සුනිල් ජයරත්න මහතා පැවසුවේ රත්‍රං බිස්කට් 29 ක් ඔවුන් දිවයිනට රැගෙනවිත් ඇති බව ය. එම තොගයේ බර කිලෝග්‍රෑම් 2 යි ග්‍රෑම් 900කි. කටාර් සිට අද උදෑසන පැමිණි පුද්ගලයින් දෙදෙනා තම සාක්කුවල දමා මෙම රත්‍රං බිස්කට් ගුවන්තොටුපොළට ගෙනැවිත් පසුව භාණ්ඩ රැගෙන යන ට්‍රොලියකින් පිටතට රැගෙන යාමට උත්සාහ කිරීමේදී රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 33 හා 43 වැනි වියේ පසුවන කොළඹ හා මන්නාරම ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.