පාන් මිල ත් වැඩි වන ලකුණු

පාන් මිල ත් වැඩි වන ලකුණු

by Staff writer 16-07-2018 | 2:07 PM
COLOMBO (News 1st) -  පාන් මිල ද රුපියල් 10 කින් වැඩි කිරීමට පියවර ගන්නා බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසුවේ, බේකරි කර්මාන්තය සඳහා රජයෙන් බදු සහන නොලද හොත් ඉදිරි මාස දෙක ඇතුළත පාන් මිල ද වැඩි කිරීමට පියවර ගන්නා බවයි. ඊයේ මධ්‍යම රාත්‍රියේ පාන් හැර බේකරි නිෂ්පාදන මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ද ඔහු පැවසී ය. තිරිඟුපිටි, සිනි ඇතුළු අමුද්‍රව්‍යයන්හි මිල ගණන් ඉහළ නොගිය අවස්ථාවක මෙලෙස බේකරි නිෂ්පාදන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් එන්.කේ. ජයවර්ධන මහතා වැඩිදුරටත් මෙලෙස අදහස් පළ කළේ ය.