by Staff writer 16-07-2018 | 6:04 PM
ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් එක්දින තරග 4 ක තහනමක් ද පනවා තිබේ.
ඒ, නිමා වූ ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ක්‍රීඩාවේ ජීව ගුණයට හානී කිරීම සම්බන්ධයෙන් වන චෝදනාව මතයි.
අදාළ චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්, පුහුණුකරු චන්දික හතුරුසිංහ හා කළමනාකරු අසංක ගුරුසිංහගෙන් අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පසුගිය දා කරුණු විමසීමක් සිදු කළේ ය.
ඉන් අනතුරුව ඔවුන් තිදෙනාට ටෙස්ට් තරග 2 ක් තහනම් කිරීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය පියවර ගත්තේ ය.
කෙසේ වෙතත් අද අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල නිවේදනයක් නිකුත් කරමින් පැවසූවේ, දිනේෂ් චන්දිමාල්ට, ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහට සහ කළමනාකරු අසංක ගුරුසිංහට එක්දින තරග 4 ක තහනමක් ද පනවන බවයි.
අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය කළ වැඩිදුර විමර්ශනවලින් අනතුරුව මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට අමතරව එක්දින ක්‍රිකට් තරගාවලියේ තරග 4 ක් ද ඔවුන් තිදෙනාට අහිමි වනු ඇති.