ඉන්දියාවේ මෙහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ

ඉන්දියාවේ මෙහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ

by Staff writer 16-07-2018 | 10:12 PM

COLOMBO (News 1st) - සැම්සුන් සමාගමේ විශාලතම කර්මාන්තශාලාව පසුගිය දා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේදී විවෘත කෙරිණි.

මේ හේතුවෙන් සෘජුවම හා වක්‍රව රැකියා 35,000ක් පමණ උත්පාදනය කිරීමට හැකිවී ඇතැයි උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 716.57ක පමණ ආයෝජනයක් අදාළ සමාගම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා යෙදා ඇත. ප්‍රාන්තයේ යටිතල පහසුකම් දියුණු කිරීම හා ජනතාවට අවශ්‍ය උපකාරක සේවා ශක්තිමත්වීම මේ හරහා සිදුවීම අතිශය වැදගත් කරුණක් බව උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පැවසීය. පරිපාලන කටයුතු උදෙසා ජනතා සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් 9ටම ප්‍රධාන අමාත්‍යවරුන් 9 දෙනෙකු පත් කර තිබේ. දිනකට පළාත් සභාවේ එක් සැසිවාරයක් සඳහා දළ වශයෙන් රුපියල් ලක්ෂ 5 ක් පමණ වැය කෙරෙනු ඇති. එලෙස වියදම් වන්නේ කිසිවෙකුගේ මුදල් නොව මහජනතාවගේ මුදල් ය. ජනතාවගේ ප්‍රශ්න කතා කළ යුතු පළාත් සභා තුළ ඒවා සිදු නොකරමින් ජනතා මුදල් අපතේ යවන සිදුවීම් අප ඕනා තරම් දැක ඇත. ඊට ආසන්නතම සිදුවීම පසුගිය 19 වන දා බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවේදී අපගේ නිව්ස්ෆස්ට් කැමරාවේ මෙලෙස සටහන් විය. වෙනත් රටවල මෙන් අප රට තුළ ජනතාව වෙනුවෙන් විශාල ආයෝජන බිහිවන්නේ කවදා ද? මෙරට ප්‍රධාන අමාත්‍යවරුන් සිය පළාත්වල උන්තිය උදෙසා සිදු කර ඇත්තේ මොනවා ද ? සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.....