home
Home
උණුසුම් පුවත්
විශේෂාංග
දේශීය පුවත්
ක්‍රීඩා පුවත්
ව්‍යාපාරික පුවත්
විදේශීය පුවත්
Sinhala
search
Sinhala
menu
ඉන්දියාවේ මෙහෙම වුණත්, ලංකාවේ මෙහෙම වෙන්නේ නැහැ
by Staff writer
16-07-2018 | 10:12 PM
COLOMBO (News 1st) - සැම්සුන් සමාගමේ විශාලතම කර්මාන්තශාලාව පසුගිය දා ඉන්දියාවේ උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේදී විවෘත කෙරිණි.
මේ හේතුවෙන් සෘජුවම හා වක්‍රව රැකියා 35,000ක් පමණ උත්පාදනය කිරීමට හැකිවී ඇතැයි උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ. අමෙරිකානු ඩොලර් මිලියන 716.57ක පමණ ආයෝජනයක් අදාළ සමාගම ව්‍යාපාරය පුළුල් කිරීම සඳහා යෙදා ඇත. ප්‍රාන්තයේ යටිතල පහසුකම් දියුණු කිරීම හා ජනතාවට අවශ්‍ය උපකාරක සේවා ශක්තිමත්වීම මේ හරහා සිදුවීම අතිශය වැදගත් කරුණක් බව උත්තර ප්‍රදේශ ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය යෝගි ආදිත්‍යනාත් විදෙස් මාධ්‍ය වෙත පැවසීය. පරිපාලන කටයුතු උදෙසා ජනතා සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පළාත් 9ටම ප්‍රධාන අමාත්‍යවරුන් 9 දෙනෙකු පත් කර තිබේ. දිනකට පළාත් සභාවේ එක් සැසිවාරයක් සඳහා දළ වශයෙන් රුපියල් ලක්ෂ 5 ක් පමණ වැය කෙරෙනු ඇති. එලෙස වියදම් වන්නේ කිසිවෙකුගේ මුදල් නොව මහජනතාවගේ මුදල් ය. ජනතාවගේ ප්‍රශ්න කතා කළ යුතු පළාත් සභා තුළ ඒවා සිදු නොකරමින් ජනතා මුදල් අපතේ යවන සිදුවීම් අප ඕනා තරම් දැක ඇත. ඊට ආසන්නතම සිදුවීම පසුගිය 19 වන දා බස්නාහිර සහ මධ්‍යම පළාත් සභාවේදී අපගේ නිව්ස්ෆස්ට් කැමරාවේ මෙලෙස සටහන් විය.
වෙනත් රටවල මෙන් අප රට තුළ ජනතාව වෙනුවෙන් විශාල ආයෝජන බිහිවන්නේ කවදා ද? මෙරට ප්‍රධාන අමාත්‍යවරුන් සිය පළාත්වල උන්තිය උදෙසා සිදු කර ඇත්තේ මොනවා ද ? සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට.....
වෙනත් ලිපි
ඉන්දු-පාකිස්ථාන සටන්විරාමය ගැන ජනපතිගෙන් නිවේදනයක්
වෙසක් උත්සවයට සමගාමීව කසළ කළමනාකරණ වැඩසටහනක්
කොත්මලේ බස් අනතුරෙන් මියගිය අය වෙනුවෙන් මුදල්..
කොත්මලේ බස් අනතුරින් මියගිය ගණන 21 ක් දක්වා ඉහළට..
සේමිණී ඉද්දමල්ගොඩ අත්අඩංගුවට...
කොත්මලේ බස් රථ අනතුරින් මිය ගිය ගණන 8ක් දක්වා ඉහළට
විශේෂාංග
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
14 වන ලියෝ ශුද්ධෝත්තම පියතුමන් ලෙස පත්වෙයි..
මුළු ලොවක් බලා සිටි සුදු දුමාරය වතිකාන අහසට
කාශ්මීර ප්‍රහාරයෙන් අවසන් ගමන් ගිය තරුණයෙකුගේ කතාව
චීනයෙන් අමෙරිකාවට පැන වූ තීරු බද්ද ඉහළට
ලොවක් මවිත කළ විශ්මිත උප්පත්තිය..
search
search
home
Home
උණුසුම්
විශේෂාංග
දේශීය
ක්‍රීඩා
ව්‍යාපාරික
විදේශීය