දයා ගමගේ නැ. පළාත් සභාවේ හිටපු සභාපතිගේ දිවි බේරයි

ඇමති දයා ගමගේ නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපතිගේ දිවි බේරයි

by Staff writer 16-07-2018 | 7:58 PM

COLOMBO (News 1st) - අද අම්පාර ප්‍රදේශයේ පැවති උත්සවයක් අතරතුර නැගෙනහිර පළාත් සභාවේ හිටපු සභාපති චන්ද්‍රදාස ගලප්පත්ති මහතා හදිසියේ හෘදයාබාධායකට ලක් විය.

එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ අමාත්‍ය දයා ගමගේ මහතා ඇතුලු පිරිස ගලප්පත්ති මහතාට ප්‍රථමාධාර ලබා දුන්නේ ය. අනතුරුව ගලප්පත්ති මහතා රෝහල්ගත කෙරුණි.