ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

කර්තෘ Sagarika Chathumali

16 Jul, 2018 | 6:46 am

COLOMBO News1st

දේශීය පුවත්…

1. ජනපති මෛත්‍රී රෝමයට යයි : 6 වන ලෝක වනාන්තර සතිය වෙනුවෙන් පැවැත්වෙන සැමරුම් සමුළුවට හා ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ රෝමය බලා පිටත්ව ගියේ ය.

2. මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට බලකායක් : මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා කාර්ය සාධක බලකායක් ඇති කිරීමට සැලසුම් කර ඇති, බව ශ්‍රී ලංකා යුද හමුදාව ඊයේ පැවසී ය.

බුද්ධි තොරතුරු ලබා ගැනීම තවදුරට ත් වේගවත් කරමින් මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීම සඳහා පොලීසියට සහය දීම එම සඳහා එම බලකාය පිහිටුවනු ඇති.

 3. රථ වාහන වැරදි 33ක ස්ථානීය දඩ ඉහළට : රථ වාහන වැරදි 33ක් සඳහා නව ස්ථානීය දඩ ඊයේ සිට ක්‍රියාත්මක කෙරිණ.

මීට පෙර පැවති දඩ පත්‍රිකාවට අන්තර්ගතව තිබූ 23ක් වූ වැරදි සංඛ්‍යාව මෙවර 33 ක් දක්වා වැඩිකර ඇත්තේ දඩ ගෙවීම සම්බන්ධයෙන් නව රෙගුලාසි ද හඳුන්වා දෙමිනි.

4. මරණයට නියම වූ 18කගේ ලැයිස්තුව අධිකරණ අමාත්‍යාංශයට : මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ලැයිස්තුව ලබාදෙන ලෙසට ජනාධිපතිවරයා කළ ඉල්ලීමට අනුව අදාළ ලැයිස්තුව පසුගිය සිකුරාදා අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, මරණ දඬුවම නියම වී සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පාකිස්ථානු ජාතිකයින් සිව්දෙනෙකු වන බවයි.

5. මුහුදු වෙරළෙනු ත් හෙරොයින් මතුවෙයි : රුපියල් මිලියන 16 කට අධික වටිනාකමක් සහිත හෙරොයින් කිලෝ ග්‍රෑම් 1යි ග්‍රෑම් 416 කට ආසන්න ප්‍රමාණයක් කන්තලේ සේරුනුවර සීනන්වේලී මුහුදු තීරයේ තිබී හමුවෙයි.

ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී මුහුදු වෙරළේ වළ දමා තිබූ පාර්සල 05ක තිබී ආදළ හෙරොයින් තොගය සොයා ගෙන තිබිණ.

6. හමුදාපතිගෙන් නිවේදනයක්… : ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් කටයුතු නොකරන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පැවසී ය.

යුදහමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අවධාරණය කළේ, වගකිව යුතු හමුදාවක් ලෙස කිසිදු හමුදා කඳවුරක් වසා දැමීම ක්‍රියා නොකරන බවයි.

7. විසඳුමක් නොලැබුණොත් ETI ඈවරයි..? : ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ETI මූල්‍ය සමාගමේ මුල්‍ය අර්බුදයට නිසි විසඳුමක් සැත්තැම්බර් මස 30 වෙනිදා ට පෙර නොලැබුණ හොත් එම සමාගම ඈවර කිරිමට සිදුවන බව මහ බැංකුව පවසයි.

මහබැංකුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී සමාගමේ තැන්පත්කරුවන් වෙත මේ බව පවසා ඇතැයි සඳහන් විය.

විදෙස්

1. විරෝධය දරා ගත නොහැකිව හෙයිටි අගමැති ධුරය අත්හරී : අඛණ්ඩව එල්ලවූ ජනතා විරෝධතා මධ්‍යයේ හෙයිටි අග්‍රාමාත්‍ය ජැක් ගයි ඊයේ ධූරයෙන් ඉල්ලා අස් විය.

ඒ, ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග හෙයිටි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එරට වැසියන් විරෝධතා ආරම්භ වීම හේතුවෙනි.

2. කළු ජාතිකයාගේ මරණයෙන් උණුසුම් වූ චිකාගෝ : අමෙරිකාවේ චිකාගෝ නුවර උද්ඝෝෂණයේ නිරත උද්ඝෝෂකයින් පිරිසක් හා පොලීසිය අතර ගැටුමක් හටගැනිණ.

චිකාගෝ පෙලීසිය අතින් කළු ජාතිකයෙකු ඝාතනය වීමේ සිද්ධියකට විරෝධය පළ කරමින් පවැති උද්ඝෝෂණයක් අතරතුර මෙම ගැටුම්කාරි තත්ත්වය උද්ගත විය.

ක්‍රීඩා

1. ලෝක පාපන්දු කිරුළ ප්‍රංශයට : රුසියාවේ මොස්කව්හී ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය ජය ගැනීමට ප්‍රංශ කණ්ඩායම සමත්විය.

ඒ, අවසන් තරගයේදී ක්‍රොඒෂියා කණ්ඩායම ගෝල 4 ට 2 ක් ලෙස පරාජයට පත් කරමිනි.