සංවර්ධන ව්‍යාපෘති ගැන ඇමති සජිත්ගෙන් ප්‍රකාශයක්

by Staff writer 15-07-2018 | 9:47 PM
සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහනේ 900 වැනි අදියරය අද සුරියවැව වැලිවැව ප්‍රදේශ‍යේදී පැවැත්විණ. ඒ , එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක , නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමාදාස මහතාගේ ප්‍රධානත්වයෙනි. සවියගම ලෙස නම්කර ඇති මෙම ගම්මානයේ ඉදිකිරීම් සඳහා මුල්ගල තැබුනේ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතිනි. ගම්මානය නිවාස 22කින් සමන්විත අතර එහිදී නිවාස හිමිකම් පත් ද ප්‍රදානය කෙරිණ. එහිදී අමාත්‍යවරයා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව අදහස් පළ කරමින් පැවසුවේ, අවුරුදු 3 සම්පූර්ණ වන විට දෙවුන්දර තුඩු‍වේ සිට පේදුරු තුඩුව දක්වා පැය 24 රේ උදාගම්මාන 100 ආරම්භ කරන බවයි.