by Staff writer 15-07-2018 | 10:36 PM
ලොව පුරා පාපන්දුලෝලීන් මසකට අධික කාලයක් උන්මාදයට හා කුතුහලයට පත් කළ 21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ රන් කුසලානය තමන් සතු කර ගැනීමට ප්‍රබල ප්‍රංශය සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී කෝඩුකාර ක්‍රොඒශියාව පරාජය කරමිනි.
කණ්ඩායම් 32 ක් අතුරින් අතිදක්ෂ කණ්ඩායම් දෙක බවට පත් වෙමින් ප්‍රබල ප්‍රංශය සහ කෝඩුකාර ක්‍රොඒෂියාව අතර අවසන් මහා තරගය රුසියාවේ ලුස්නිකි ක්‍රීඩාංගණයේදී ඊයේ රාත්‍රියේ පැවැත්විය.
ආරම්භයේ සිටම ප්‍රේක්ෂකයින්ට කිසිදු විවේකයක් ලබා නොදෙමින් කණ්ඩායම් දෙකම අති විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ අතර ප්‍රංශය 18 වන මිනිත්තුවේදී සිය පළමු ගෝලය වාර්තා කළේ ය.
ප්‍රංශයට ලබාදුන් නිදහස් පහර ඇන්ටෝනියෝ ග්‍රිස්මන් විසින් සාර්ථකව දැල වෙත පිරිනැමුණු අතර ක්‍රොඒෂියාවේ මාරියෝ මැන්ඩ්සුකිච්ගේ අත්වැරදීමෙන් එම පන්දුව දැල වෙත යොමුවුනේ ප්‍රංශයට පළමු ගෝලය එක්කර දෙමිනි.
ඔහු වාර්තා අතරට එක්වුණේ, ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයේදී ප්‍රතිවාදී කණ්ඩායමට ගෝලයක් එක්කර දුන් පළමු ක්‍රීඩකයා ලෙසයි.
නමුත් තරගයේ 28 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අයිවන් පෙරිසිච් ක්‍රොඒශියාවට පළමු ගෝලය එක් කළේ, ලෝක කුසලාන තරගාවලියකදී එරට වෙනුවෙන් වැඩි ම ගෝල ගණනක් වාර්තා කළ ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වෙමිනි.
ක්‍රොඒෂියාව වෙනුවෙන් විශිෂ්ට ගෝලය වාර්තා කළ අයිවන් පෙරිසිච්ගේ අතෙහි පන්දුව වැදීම හේතුවෙන් විඩීයෝ සහයක විනිසුරු ක්‍රමය යොදා ගනිමින් ප්‍රංශයට දඩුවම් පහරක් ප්‍රදානය කිරීමට තරග විනිසුරුවරයා තීරණය කළේ ය.
එම දඬුවම් පහර සාර්ථකව දැල වෙත යොමුකිරීමට ඇන්ටෝනියෝ ග්‍රිස්මන් සමත් වූ අතර ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුණේ, ගෝල 2 ට 1 ක් ලෙස ප්‍රංශයට පෙරමුණ හිමිකර දෙමිනි.
ලෝක කුසලාන පාපන්දු ඉතිසාහයේ අවසන් මහා තරගයකදී වීඩියෝ සහයක විනිසුරු ක්‍රමය යොදා ගනිමින් දඩුවම් පහරක් පිරිනැමුණු පළමු අවස්ථාව මෙය වේ.
තරගයේ 59 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ ප්‍රංශ ක්‍රීඩක පෞල් පොග්බා සිය කණ්ඩායම තුන්වන ගෝලය එක් කලේ තරගයේ වැඩි වාසිය ප්‍රංශය වෙත නතුකර දෙමිනි.
එම ගෝලයත් සමගින් ඔහු වාර්තා අතරට එක්වුණේ, 1998 වසරෙන් පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයේදී ගෝලයක් වාර්තා කළ යුරෝපාප්‍රිමියර් ලීග් ක්‍රීඩකයා ලෙසයි.
මෙවර ලෝක ශූරයින්ට පිරිනමන රන් කුසලානය ප්‍රංශය සතු බව සනාථ කරමින් කයිලියන් ම්බපේ තරගයේ 65 වන මිනිත්තුවේදී ප්‍රංශයට සිව්වන ගෝලය එක් කළේ ය.
එම ගෝලයත් සමගින් 19 වියැති ම්බපේ වාර්තා අතරට එක්වුණේ, ලෝක කුසලාන පාපන්දු ඉතිහාසයේ ගෝලයක් වාර්තා කළ දෙවන යොවුන් ක්‍රීඩකයා ලෙසයි.
1958 වසරේදී 17 වන වියේ පසු වූ සුපිරි බ්‍රසීල ක්‍රීඩක පේලේ මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ ය.
ක්‍රොඑශියානු පාපන්දු ලෝලීන් තරගයේ බලාපොරොත්තු අත්හැර දමා තිබූ මොහොතක ක්‍රියාත්මක වූ මාරියෝ මැන්ඩ්සුකිච් ප්‍රංශ දැල රකින්නාගෙන් ලබාගත් පන්දුව කෙළින්ම දැල වෙතට යොමු කරමින් 69 වැනි මිනිත්තුවේදී ක්‍රොඒෂියා කන්ඩායමට දෙවන ගෝලය එක් කළේ ය.
ඒ සමගින් ලෝක කුසලාන අවසන් මහා තරගයක ප්‍රතිවාදී කණ්ඩායමට ගෝලයක් ලබාදුන් හා සිය කන්ඩායමට ගෝලයක් වාර්තා කළ ලොව දෙවන ක්‍රීඩකයාට හිමි වාර්තාව මැන්ඩ්සුකිච් තමන් සතු කර ගත්තේ ය.
කෙසේ වෙතත් එම ගෝලය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවූ අතර තරගයේ නියමිත කාලය අවසන් වුණේ ගෝල 4 ට 2 ක් ලෙස 21 වැනි පාපන්දු ලෝක කුසලානයේ ජය ප්‍රංශයට හිමිකර දෙමිනි.
1998 වසරේදී ප්‍රංශය පළමු වරට පාපන්දු ලෝක කුසලානයක් දිනා ගත්තේ ය.
මෙම තරගය වාර්තා අතරට එක්වුණේ, 1974 වසරෙන් පසුව අවසන් මහා තරගයක දෙවන අර්දයේදී ගෝල ත්‍රිවයක් වාර්තා වූ පළමු අවස්ථාව ලෙසයි.
වත්මන් ප්‍රංශ පුහුණුකරු ඩිඩියර් ඩිස්චැම්ප්ස් වාර්තා අතරට එක් වූයේ, ලෝක කුසලානය දිනූ කණ්ඩායමක ක්‍රීඩකයෙක් පසු කාලීනව ලෝක කුසලානයක් දිනා ගත් කණ්ඩායමක පුහුණුකරු බවට පත් වූ ලොව තුන්වැනි අවස්ථාව සටහන් කරමිනි.
ඔහු 1998 වසරේ ලෝක කුසලානය දිනූ ප්‍රංශ කණ්ඩායමේ සාමාජිකයෙකු ලෙස කටයුතු කළේ ය.
ඒ අනුව ප්‍රංශය දෙවැනි වරටත් පාපන්දු ලෝක ශූරයින් ලෙස අභිෂේක ලැබී ය.
මේ අතර ප්‍රතිවාදී ක්‍රොඒෂියාව වාර්තා අතරට එක් වූයේ 1974 වසරට පසුව ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් තරගයට සුදුසුකම් ලබා කුසලානය දිනා ගැනීමට අසමත් වූ ලොව පළමු කණ්ඩායම ලෙසයි.