ලොව රටවල් ණය උගුලේ හිර කරන චීන ව්‍යාපෘති

ලොව රටවල් ණය උගුලේ හිර කරන චීන ව්‍යාපෘති

by Sagarika Chathumali 15-07-2018 | 8:46 PM
ස්වෛරී රාජ්‍යයන් දෙකක් අතර සිදුවන ණය ගැනීම් සාමාන්‍ය ණයක් ලෙස සැලකුණ ද චීනය බොහෝ රටවල් සඳහා ක්‍රියාත්මක කරන ණය නිකුතු උගුලක් බවට පරිවර්තනය වන බව ඇතැම් ආර්ථික විශ්ලේෂකයන්ගේ මතයයි. ඉකුත් සිකුරාදා කොළඹදී පැවති උත්සවයකදී චීනයේ ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපීය මූල්‍යෝපාය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදහස් පළ කළේ ය.
"ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපය තුළ තම යාන්ත්‍රණය පවත්වාගෙන යෑම අත්‍යවහ්‍ය වී ඇති බැවින් ඒ සදහා වන තම මූල්‍යඋපාය වැඩි අවධානමකට ලක්වී ඇති බව චීනය දකිනවා .දැන් අපිත් මේකට ගොදුරු වෙලා ඉන්නේ හම්බන්තොට වරාය නිසා . චීනයත් එක්ක අපි එළඹිලා ඉන්න ගිවිසුම අනුව චීනයේ වෙලද නැව් ආවට වරායේ ආරක්ෂාව තියෙන්නේ අපේ ආරක්ෂක අංශ භාරයේ . ඒක පිලිගෙන තියෙනවා .දැන් අපේ දකුණු නාවුක සේනාංකය ගාල්ලෙන් හම්බන්තොටට විතැන් වෙලා ඉන්නේ . ඒ වගේම අපි අපේ නාවික හමුදාවට කියලා තියෙනවා මේ මුහුදු කලාපයේ සබ්මැරීන් වගේ දේවල් ක්‍රියාත්මක වනවාද කියලා හොයලා බලන්න කියලා . වෙරල ආරක්ෂ නැව් ගණනාවක් අපි යොදවලා තියෙන්නේ . අපි තහවුරු කරලා තියෙන්නේ අපිට හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වගකියන්න පුළුවන් කියලා. එහෙම නැතුව හම්බන්තොට වරාය අපි චීනයට නාවික හමුදා මූලස්ථානයක් විදිහට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ"
අගමැතිවරයා එසේ ප්‍රකාශ කළ ද චීනයේ අරමුදල් මත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති දෙස බැලීමේදී ඒවා ණය මිස ආධාර නොවන බව පෙනී යයි. සාමාන්‍ය අවබෝධයක් ඇති ඕනෑ ම කෙනෙකුට එය වටහා ගත හැකියි.

හම්බන්තොට

චීන ආණ්ඩුවේ ආනයන හා අපනයන බැංකුවෙන් මුලින්ම ලබාගත් විශාලතම ණය මුදල වන මෙහි වටිනාකම අමෙරිකානු ඩොලර් මිලියන 307කි. මෙම ණය මුදල ලබාගැනීමේදී බීජිං පාලනය විසින් තෝරාගත් චයින් සමාගම නමැති සමාගමට ඉදිකිරීම් කොන්ත්‍රාත්තුව ලබාදීමට ශ්‍රී ලංකාව එකඟ වේ. ශ්‍රී ලංකා ආණ්ඩුව හම්බන්තොට ඉදිකෙරුණු මෙම වාරාය අමෙරිකානු ඩොලර් බිලියන 1.12 කට 99 අවුරුද්දක් සදහා චීනයට බදු දෙන්නේ , අපි රටක් විදිහට මුහුණපා සිට බරපතළ ණය මුදලෙන් ගොඩ ඒමටයි.

මධ්‍යම අධිවේගී මාර්ගය

ඉකුත් මැයි මාසයේදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා චීන ආණ්ඩුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1කි.

යටිතල පහසුකම් ව්‍යාපෘති

2017 වසර වෙනුවෙන් වාරිමාර්ග , ජල සම්පාදන හා මාර්ග ක්ෂේත්‍රෙය් යටිතල පහසුකම් ව්‍යාපෘති තුනක් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 492 සහන ණය ශ්‍රී ලංකාවට ලබාදීමට චීන ආනයන අපනයන බැංකුව එකගත්වය පලකර තිබිණ. 1. ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 147 ක් ලබාදෙන්නේ තල්පිටිගල ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අදාල මිලදීගැනීම් කිරීම සඳහායි . 2. අමෙරිකානු ඩොලර් මිලියන 90ක් මාතර සිට හම්බන්තොට දක්වා දකුණු අධිවේගී මාර්ගය ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සිවිල් වැඩකටයුතු අධීකරණයට හා සැලසුම් සමාලෝඡනය කිරීම සඳහා ලබා දී තිබේ. 3. අදාළ ණය මුදල අමෙරිකානු ඩොලර් මිලියන 254ක් ලබාදෙන්නේ , මහනුවර උතුර - පාතදුම්බර ඒකාබද්ධ ජල සම්පාදන ව්‍යාපෘතියක් සඳහායි. කෙන්යානු සෙනට් සභික මුටූලා කිලෝන්සෝ ජූනියර් ඉකුත්දා එරට ජාතික මන්ත්‍රණ සභාව අමතමින් චීනය ව්‍යාපෘතිවලට මුවාවෙමින් ණය උගුල් රාජ්‍ය තාන්ත්‍රිකභාවයක් ක්‍රියාවට නංවමින් සිටින බව අවධාරණය කළේ ය.
"කෙන්යානුවන් ලවා කරවාගත හැකි ඇතැම් කටයුතු වෙනුවෙනුත් චීනය රැකියා බලපත්‍ර ලබාදෙනවා . ඉංග්‍රීසි වචනයක්වත් කතා කර ගත නොහැකි චීන අය ගේට්ටු මුරකරද්දී , කෙන්යානුවෝ රස්සා නැතුව හූල්ලනවා . ඔබලා මොනවද ඔබේ සගයන් ගැන කියන්නේ ? වහාමමේ ගැටළුවේ ගැඹුරටම ගිහින් බලන්න . අපිට සිලිං මිලියනයකින් දවස ගෙවා ගන්න පුළුවන්ද ? මොනව ද ඔබලා කියන්නේ? සියාරාලියෝන්වල සහ ශ්‍රී ලංකාවේ වරායන්වලට වෙච්ච වැඩේ තමයි මෙහෙත් වෙන්න යන්නේ . අපි අපේ ජාතික නිධානය මේ මිනිස්සුන්ට විකුණන්න යනවා.. අපේ ණයවලින් 66%ක් නිසා චීනය පෝසත් වෙනවා. ඒගොල්ලෝ පාසලක් දෙකඩ කරා. ඒක මැද්දෙන් රේල් පාරක් දාලා. පාසල විනාශ වුණා. මේ මිනිස්සු තාම ඒක අලුත්වැඩියා කළේ නැහැ. මේ ක ගැන පැමිණිලි කරන්න ගියහම ඒ අය සිලිං ලක්ෂ 2 සිට 3 දක්වා අල්ලස් දීලා තියෙනවා. ගුරුවරුන්ට . අපි අර්බුදයක ඉන්නේ. අපි මේ විදිහට චීනයට විකුණන් ගියොත් , හිඟාකන්න ගියොත් ඉතිහාසය මහා කෘර විදිහට අපිව විනිශ්චයට බදුන් කරාවි.. ''