.webp)
"ඉන්දීය හා ශාන්තිකර සාගර කලාපය තුළ තම යාන්ත්‍රණය පවත්වාගෙන යෑම අත්‍යවහ්‍ය වී ඇති බැවින් ඒ සදහා වන තම මූල්යඋපාය වැඩි අවධානමකට ලක්වී ඇති බව චීනය දකිනවා .දැන් අපිත් මේකට ගොදුරු වෙලා ඉන්නේ හම්බන්තොට වරාය නිසා . චීනයත් එක්ක අපි එළඹිලා ඉන්න ගිවිසුම අනුව චීනයේ වෙලද නැව් ආවට වරායේ ආරක්ෂාව තියෙන්නේ අපේ ආරක්ෂක අංශ භාරයේ . ඒක පිලිගෙන තියෙනවා .දැන් අපේ දකුණු නාවුක සේනාංකය ගාල්ලෙන් හම්බන්තොටට විතැන් වෙලා ඉන්නේ . ඒ වගේම අපි අපේ නාවික හමුදාවට කියලා තියෙනවා මේ මුහුදු කලාපයේ සබ්මැරීන් වගේ දේවල් ක්‍රියාත්මක වනවාද කියලා හොයලා බලන්න කියලා . වෙරල ආරක්ෂ නැව් ගණනාවක් අපි යොදවලා තියෙන්නේ . අපි තහවුරු කරලා තියෙන්නේ අපිට හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වගකියන්න පුළුවන් කියලා. එහෙම නැතුව හම්බන්තොට වරාය අපි චීනයට නාවික හමුදා මූලස්ථානයක් විදිහට පාවිච්චි කරන්න දෙන්නේ නැහැ"අගමැතිවරයා එසේ ප්‍රකාශ කළ ද චීනයේ අරමුදල් මත ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ව්‍යාපෘති දෙස බැලීමේදී ඒවා ණය මිස ආධාර නොවන බව පෙනී යයි. සාමාන්‍ය අවබෝධයක් ඇති ඕනෑ ම කෙනෙකුට එය වටහා ගත හැකියි.
හම්බන්තොට
මධ්‍යම අධිවේගී මාර්ගය
ඉකුත් මැයි මාසයේදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම් සඳහා චීන ආණ්ඩුව ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කළ ණය මුදල අමෙරිකානු ඩොලර් බිලියන 1කි.යටිතල පහසුකම් ව්‍යාපෘති
"කෙන්යානුවන් ලවා කරවාගත හැකි ඇතැම් කටයුතු වෙනුවෙනුත් චීනය රැකියා බලපත්‍ර ලබාදෙනවා . ඉංග්‍රීසි වචනයක්වත් කතා කර ගත නොහැකි චීන අය ගේට්ටු මුරකරද්දී , කෙන්යානුවෝ රස්සා නැතුව හූල්ලනවා . ඔබලා මොනවද ඔබේ සගයන් ගැන කියන්නේ ? වහාමමේ ගැටළුවේ ගැඹුරටම ගිහින් බලන්න . අපිට සිලිං මිලියනයකින් දවස ගෙවා ගන්න පුළුවන්ද ? මොනව ද ඔබලා කියන්නේ? සියාරාලියෝන්වල සහ ශ්‍රී ලංකාවේ වරායන්වලට වෙච්ච වැඩේ තමයි මෙහෙත් වෙන්න යන්නේ . අපි අපේ ජාතික නිධානය මේ මිනිස්සුන්ට විකුණන්න යනවා.. අපේ ණයවලින් 66%ක් නිසා චීනය පෝසත් වෙනවා. ඒගොල්ලෝ පාසලක් දෙකඩ කරා. ඒක මැද්දෙන් රේල් පාරක් දාලා. පාසල විනාශ වුණා. මේ මිනිස්සු තාම ඒක අලුත්වැඩියා කළේ නැහැ. මේ ක ගැන පැමිණිලි කරන්න ගියහම ඒ අය සිලිං ලක්ෂ 2 සිට 3 දක්වා අල්ලස් දීලා තියෙනවා. ගුරුවරුන්ට . අපි අර්බුදයක ඉන්නේ. අපි මේ විදිහට චීනයට විකුණන් ගියොත් , හිඟාකන්න ගියොත් ඉතිහාසය මහා කෘර විදිහට අපිව විනිශ්චයට බදුන් කරාවි.. ''