නීති විරෝධි මත්පැන් ප්‍රවාහන කළ දෙදෙනෙකු කොටුවෙයි

මෝටර් රථයකින් නීති විරෝධි මත්පැන් ප්‍රවාහන කළ දෙදෙනෙකු කොටුවෙයි

by Staff writer 15-07-2018 | 11:07 AM

COLOMBO (News 1st) - මෝටර් රථයකින් නීති විරෝධී මත්පැන් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙකු බියගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එහි තිබී නීති විරෝධී මත්පැන් බෝතල් 200 ක් සොයාගත් බව ය. අත්අඩංගුවට ගත් සැකකරුවන් රණාල සහ බලංගොඩ පදිංචිකරුවන් වේ. ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්ණ කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ කලක සිට දෛනිකව මත්පැන් ප්‍රවාහනය සිදුකර ඇති බව ය. සැකකරුවන් අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත ය.