මරණ දඬුවම නියම වූ ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශයට

මරණ දඬුවම නියම වූ 18කගේ ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශයට

by Staff writer 15-07-2018 | 5:17 PM

COLOMBO (News 1st) - මරණ දඬුවම ලබා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර පාකිස්ථානු ජාතිකයින් සිව්දෙනෙකු වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, ඊට අදාළ ලැයිස්තුව පසුගිය සිකුරාදා අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ බවයි. ඒ, මරණ දඬුවම් පැමිණවීමට අදාළ ලැයිස්තුව ලබාදෙන ලෙසට ජනාධිපතිතුමා කරනු ලැබු ඉල්ලීමකට අනුවයි. මේ අතර අලුගෝසු තනතුර සඳහා ලබන සතියේ යළි අයැදුම්පත් කැඳවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, අලුගෝසු තනතුර සඳහා පුරප්පාඩු දෙකක් පවතින බවයි. 2015 වසරේ සිට අලුගෝසූ තනතුර පුරප්පාඩුව පවති. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපකරණ සහ එල්ලුම් ගස සඳහා යොදන කඹය ආනයනය කර ඇත්තේ පකිස්ථානයෙනි.