බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200 ක්

බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200 ක්

by Staff writer 15-07-2018 | 12:04 PM

COLOMBO (News 1st) - බන්ධනාගාර නියාමක පුරප්පාඩු 1200 ක් පවතින බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ, නිලධාරී හිඟය හේතුවෙන් රැඳවියන් පරික්ෂා කිරීමේ කටයුතුවලට බාධා එල්ල වී ඇති බව ය. බන්ධනාගාර නියාමක පුරප්පාඩු සඳහා පැවති සම්මුඛ පරික්ෂණවලට පැමිණි පුද්ගලයින් 17,000 ක් අතුරින් 6,000 ක් පමණ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත්ව ඇතැයි ද තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේය.