නිසි විසඳුමක් නොලැබුණොත් ETI ඈවරයි..?

නිසි විසඳුමක් නොලැබුණොත් ETI ඈවරයි..?

by Sagarika Chathumali 15-07-2018 | 8:58 PM

ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරයට අයත් ETI මූල්‍ය සමාගමේ මුල්‍ය අර්බුදයට නිසි විසඳුමක් සැත්තැම්බර් මස 30 වෙනිදා ට පෙර නොලැබුණ හොත් එම සමාගම ඈවර කිරිමට සිදුවන බව මහ බැංකුව ප්‍රකාශ කර තිබේ.

මහබැංකුවේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී සමාගමේ තැන්පත්කරුවන් වෙත මේ බව පවසා ඇතැයි සඳහන් ය. මේ අතර ඊ.ටී. අයි. මුදල් තැන්පත්කරුවන් හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලයේදී පවත්වා තිබේ. එහිදී තැන්පත්කරුවන් කිහිප දෙනෙකු පළ කළ අදහස් පහතින්..
''අපේ සල්ලි මංකොල්ල කැවා ටයි කොට් දාගෙන හොරකම් කළා. අර අඹ ගෙඩ්යක් පොල් ගෙඩ්යක් හොරකම් කළාම ගෙනිහින් හිරේ දාන්න පුළුවන්නමි ටයි කොට් දාගෙන අපේ සල්ලි හොරකම් කරපු වන් ආරක්ෂා කැරනවා. මොක්කද මේ ආණ්ඩුවේ තේරුම'' ''කම්ටුවත් ETI එකත් මහ බැංකුවත් සියල්ල කරන්නේ බොරුව මේ නිසා මේ ජනතාව අසරණ තත්වයට පත්වෙලා තියෙන්නේ. දැන් ජනාවරියේ ඉදලා මේ ජනතාව මේහේ ඇව්ල්ලා දුක් විඳිනවා. මිනිස්සුන්ට ඉන්න හිට්න්න තැනක් නැහැ''   ''මට දැනේන විදිහට මේ අය 17 වෙනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් උසාවි ඉදිරිපත් කරන්න යනවා. ඒ උසාවියට ඉදිරිපත් කිරිමේදි තැන්පත්කරුවන් වෙනුවෙන් කියලා යමි කිසි ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න තමා උත්සහ කරන්නේ. ඒ කියන්නේ තැන්පත් කරුවන් මේහේම එක්ඟවුණා''  
ETI මූල්‍ය සමාගමේ තැන්පත්කරුවන් 25000කට අධික ප්‍රමාණයක් සිටින බව සඳහන් ය. මෙහි තැන්පත් කර ඇති වත්කම රුපියල් කෝටි 3600ක් පමණ වන තැන්පත්කරුවෝ පවසති. ETI ෆිනෑස් සමාගම ඇතුළු සමස්ත බැංකු නොවන මූල්‍ය ආයතන නියාමනය කෙරෙනු ලබන්‍නේ, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඊට අදාළ රෙගුලාසිවලට අනුව මූල්‍ය ආයතන අධීක්ෂණය, වාර්ෂික ආදායම් වියදම් වාර්තා කැඳවීම වැනි නියාමන කටයුතු සිදු විය යුතුයි. මේ වන විට ETI මූල්‍ය සමාගමේ පවතින මුල්‍ය අර්බුදය විසඳීම සඳහා නව ආයෝජකයෙකු පැමිණි තිබෙන බවට තොරතුරු වාර්තා වේ. ඒ සඳහා ඩොලර් මිලියන 75 ක ආයෝජනයක් යොදවන බවට ද වාර්තා වේ. ඉන් ඩොලර් මිලියන 32ක් මේ වන විට ලැබි ඇති බව ද සඳහන් ය. එම මුදලින් තැන්පත්කරුවන්ට 10%ක් ගෙවා ඇති බවට ද වාර්තා වේ. වාණිජ බැංකු හා ලියාපදිංචි මූල්‍ය ආයතන අධීක්ෂණය හා නියාමනය සිදුකිරීමේ වගකීම පැවරී ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවටයි. ETI මූල්‍ය ආයතනය බංකොලොත් වූයේ මහබැංකුවේ නිසි අධීක්ෂණයක් නොමැති වීම හා තැන්පත්කරුවන්ගේ මුදල් නිසි කළමනාකාරීත්වයකින් තොරව වෙනත් ව්‍යාපාර කටයුතු සඳහා යෙදවීම හේතුවෙනි. එහි ප්‍රතිඵලය වූයේ අති විශාල තැන්පත්කරුවන්ට පිරිසකට තමන් ආයෝජනය කළ මුදලවත් හිමිනොවීමයි. ආණ්ඩුව තැන්පත්කරුවන්ට සහන ලබාදීම සඳහා ඉදිරිපත්වූයේ ඉන් අනතුරුව ය. දැන් ආයෝජකයෙකු ඉදිරිපත්ව සිටින අතර එහි පළමු අරමුණ විය යුත්තේ ආයෝජනය කළ මුදල තැන්පත්කරුවන් අතට පත්කිරීමයි . එසේ නොමැතිව එම මුදල් නැවත ETI ආයතනයේ හිමිකරුවන් අතට හෝ වෙනත් මාධ්‍ය ආයතන , ව්‍යාපාර ගොඩනැගීමට යෙදවීමෙන් තැන්පත්කරුවන්ගේ අරමුණු ඉටු නොවේ. සිය වගකීමෙන් බැහැර වූ මහබැංකුවේ නිලධාරී මහත්ම මහත්මියණි, මෙවන් විපත් ඔබේ පවුලේ කෙනෙකුට සිදුවූවා නම් තත්ත්වය කෙබදු වේ ද ? ජනතාව රැවටීම නතර කර හැකි ඉක්මනින් තැන්පත්කරුවන්ගේ මුදල් යළි ඔවුන් වෙත ලබාදීමට වහා පියවර ගන්න.