''පිස්සු කතා කරන්න එපා..."

ජනපතිවරණ අපේක්ෂිකාව ශිරන්ති දැයි, ඇසූ පැනයට මහින්ද දුන් පිළිතුර

by Sagarika Chathumali 15-07-2018 | 7:31 PM
COLOMBO (News 1st) : හෙට දිනයේ පළමු නඩු කටයුත්ත විභාගයට ගැනෙන විශේෂ අධිකරණය පිහිටුවා ඇත්තේ, දේශපාලනික අවශ්‍යතාව මත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. නෑ මම කියන්නේ විශේෂ අධිකරණ ඕනි නෑ .මගේනම් මතය තියන අධිකරණවලට පුළුවන් ඒ ශක්තිය තියනවා. දැන් මේකේ ප්‍රමුඛත්වය දීලා තියෙන්නේ දේශපාලන වුවමනාවට.දේශපාලන හතුරන්ගෙන් පළි ගැනීමට.ඒකනේ කරන්නේ. ඉතින් ඊට වඩා කියලා වැඩක් නෑනේ මේ ආණ්ඩුව ගැන. හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ, අද පිළියන්දලදී ශ්‍රී විද්‍යාශාන්ති මහා පිරිවෙන් විහාරස්ථානයේ ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයවකට පිළිතුරු ලෙසයි. මෙහිදී මාධ්‍යවේදීන් තවදුරටත් හිටපු ජනපතිවරයාගෙන් ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කර සිටියේ ය. මාධ්‍යවේදියා : ඒ කිව්වේ මොකක්ද අපි අහන ප්‍රශ්න ද? හිටපු ජනපති : නෑ ඔබතුමාලත් ප්‍රශ්න අහනවානේ. මාධ්‍යවේදියා : ඔබතුමා හරි වැරදියි හිටපු ජනපති : මොකක්ද? මාධ්‍යවේදියා : ලොකු හාමුදුරුවෝ දන්නවා හරියටම ඊළඟ ට ඉදිරිපත් වෙන්නේ කවු ද කියලා.ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ආවාම කරගන්නවා කිව්වා.ඇයි ඔබතුමා හාමුදුරුවන්ට කිව්වේ හොරෙන් අපිට කියන්නේ නැතුව? හිටපු ජනපති : නෑ මන් කාටවත්ම ඒවා තාම කිව්වේ නෑ හාමුදුරුවන්ට කිව්වේත් නෑ මාධ්‍යවේදියා : හාමුදුරුවෝ කිව්වානේ ගෝඨාභය මහත්තයා ආවාම අපි මේක කරගන්නවා කියලා? හිටපු ජනපති : මම ආවාම ගෝඨාභය මහත්තයාට කරන්න පුළුවන්නේ වැඩ. මාධ්‍යවේදියා :ආ එහෙම එකකුත් තියනවා ? හිටපු ජනපති : එහෙම එකකුත් තියනවා. නෑ නෑ නෑ මාධ්‍ය වාර්ථා පලකළා මහත්මිය ජනාධිපතිවරයට ඉදිරිපත් වෙනවා කියලා මෙහිදී ඉදිරි ජනපතිවරණයට ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඉදිරිපත් කරන බවට පළ වන මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් නැගූ පැනයට හිටපු ජනපති ලබා දුන්නේ මෙවන් පිළිතුරුකි. '' පිස්සු පිස්සු කතා කරන්න එපා...''