හෙයිටි අගමැතිට ජනතා විරෝධය හමුවේ ගෙදර යයි

ඉන්ධන සහ ගෑස් මිල වැඩි කළ හෙයිටි අගමැතිට ජනතා විරෝධය හමුවේ ගෙදර යන්න වෙයි

by Staff writer 15-07-2018 | 8:12 AM

(News 1st) - අඛණ්ඩව එල්ලවන ජනතා විරෝධතා මධ්‍යයේ හෙයිටි අග්‍රාමාත්‍ය ජැක් ගයි සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ, ජනාධිපති ජොවෙනෙල් මොයිස්ට ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව ය. ඉන්ධන සහ ගෑස් මිල ගණන් ඉහළ දැමීමට තීරණය කිරීමත් සමග හෙයිටි අග්‍රාමාත්‍යවරයාට එරෙහිව එරට වැසියන් විරෝධතා ආරම්භ කළේය. අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ රජය තීන්දු කළේ, ගෑස් මිල 38% කින්, ඩීසල් මිල 47% කින් සහ භූමිතෙල් මිල 51% කින් ඉහළ දැමීමටයි. ජනතා විරෝධය හමුවේ අදාළ යෝජනාව හකුලා ගැනීමට හෙයිටි ජනාධිපතිවරයා පසුව තීන්දු කළේය. එහෙත් මාර්ගවල ටයර් පුළුස්සමින් ජනතාව අඛණ්ඩව විරෝධතාවල නිරත වුණේ අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙස බල කරමිනි. විරෝධතා අතරතුර පුද්ගලයින් 7 දෙනෙකුට දිවි අහිමි විය. අවසානයේ ජනතා මතයට ගරු කරමින් හෙයිටි අග්‍රාමාත්‍යවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබේ.