සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයෙක්

අක්‍රමිකතා වැලැක්වීමට සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයෙක්

by Staff writer 15-07-2018 | 4:53 PM

COLOMBO (News 1st) -  විභාග අක්‍රමිකතා වැලැක්වීම සඳහා සෑම විභාග මධ්‍යස්ථානයකටම අතිරේක ශාලාධිපතිවරයෙක් යෙදවීමට වි‍භාග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

වි‍භාග කොමසාරිස් ජෙනරාල් සනත්. බී. පූජිත මහතා සඳහන් කළේ, ඒ අනුව එම අතිරේක ශාලාධිපතිවරයා විසින් විභාග නිරීක්ෂණ මඩුල්ල අධීක්ෂණය සිදු කරන බවයි. මීට අමතරව වි‍භාග මධ්‍යස්ථානවල ජංගම දුරකතන ඇතුලු විද්‍යුත් උපාංග රැගෙන එන අවස්ථාවන්වල ඒවා අක්‍රිය කිරීමට අවශ්‍ය ක්‍රමවේදයක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සහය ඇතිව ක්‍රියාත්මක කරන බව ද කොමසාරිස්වරයා සඳහන් කළේ ය. මේ අතර ලබන අගෝස්තු මස 06 වන දා උසස් පෙළ විභාගය ආරම්භ වන අතර අවසන් වන්නේ සැප්තැම්බර් පළමුවන දාය. මෙවර උසස් පෙළ විභාගය සඳහා පාසල් සහ පෞද්ගලික අයැදුම්කරුවන් 321,469 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත වේ. මධ්‍යස්ථාන 2267 ක් සම්බන්ධීකරණ මධස්ථාන 311 කදී විභාගය පැවැත්වෙනු ඇත. ශිෂ්‍යත්ව වි‍භාගය අගෝස්තු මස 05 වන දා ආරම්භ වන අතර සිංහල හා දෙමළ මාධ්‍යයෙන් ශිෂ්‍යන් 355,326 දෙනෙකු විභාගයට පෙනී සිටීමට නියමිත වනු ඇති. ශිෂ්‍යත්ව විභාගය විභාග මධ්‍යස්ථාන 3050 කදී සම්බන්ධීකාරක මධ්‍යස්ථාන 497 පැවැත්වීමට කටයුතු යොදා ඇති බව කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.