COLOMBO (News 1st)
දේශීය
1 -
මොණරාගල, කුඩා ඔය සහ ගොවිඳුපුර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගියේය.
කුඩා ඔය ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබෙන අතර ගොවිඳුපුර ප්‍රදේශයේ වෙඩි තැබීමෙන් මියගොස් තිබෙන්නේ 38 හැවිරිදි පුද්ගලයෙකි.
2 -
මාතලේ, උකුවෙල, රත්වත්තේ පිහිටි රෝස තිරුවානා නිධිය කැණිම් සඳහා ලබා දී තිබූ බලපත‍්‍රය අත්හිටුවීමට උකුවෙල ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.
එම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති අබ්දුල් නිෂාර් මහතා පැවසුවේ මන්ත‍්‍රීවරු සියලුදෙනාගේ ඒකමතික තීරණය අනුව මෙම පියවර ගත් බව ය.
3 -
හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ සාමාජිකයින් 05 දෙනෙකු පන්නිපිටිය, වීර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මව, පියා, දියණිය, පුත්‍රයා සහ දියණියගේ පෙම්වතායි.
ඔවුන් වීර මාවතේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
4 -
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින සංචාරයක් සඳහා ඊයේ ඉතාලිය බලා පිටත්ව ගියේය.
ඒ, එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් පවත්වනු ලබන ලෝක වන සංරක්ෂණ කමිටුවේ 27 වැනි සැසිවාරයට සහභාගිවීම සඳහායි.
5 -
කෑගල්ල, අරණායක අසුපිනි ඇල්ලෙන් වැටීමෙන් තරුණයෙකු අතුරුදන්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ පෙරවරුවේ කණ්ඩායමක් සමග ඔහු අසුපිනි ඇල්ල නැරඹීමට ගොස් ඇති බව ය.
එම තරුණයා ඇල්ලේ ඉහළ සිට ලිස්සා වැටී ඇති බව පොලීසිය සඳහන් කළේ ය.
6 -
කරාපිටිය ශික්‍ෂණ රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රධාන හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා ලබන සඳුදා සිට හෘද සැත්කම්වලින් ඉවත් වීමට තීරණය කර තිබේ.
ඒ, එම රෝහලේ හෘද ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ මධ්‍යම වායුසමීකරණ පද්ධතිය අලුත්වැඩියා නොකිරීමට විරෝධය පළ කරමිනි.
7 -
ඊ.ටී.අයි. මුදල් තැන්පත්කරුවන් හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් අතර හමුවක් ඊයේ පෙරවරුවේ පැවැත්විණි.
ඒ, ඊ.ටී.අයි. ප්‍රධාන කාර්යාලයේදී ය. ඊ.ටී.අයි. ආයතනයේ ඇති වී තිබෙන මූල්‍ය අර්බුදය සම්බන්ධයෙන් තැන්පත්කරුවන් හා සාකච්ඡා කිරීම සඳහා අද මෙම හමුව කැඳවා තිබිණි.
මෙහිදී උණුසුම් තත්ත්වයක් ඇති විය.
8 -
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට රජය ගත් තීන්දුව පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් යොමු කරමින් මානව හිමිකම් කොමිෂන් සභාව සිය මතය ඉදිරිපත් කර තිබේ.
9 -
අභාවප්‍රාප්ත ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය (74) මහතාගේ අවසන් කටයුතු අද බොරැල්ල කනත්ත පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි.
හේමන්ත වර්ණකුලසූරිය මහතා පසුගිය බදාදා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත විය.
ඒ මහතා මෙරට නීතියේ ආධිපත්‍ය හා අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන් විශිෂ්ට සේවාවක් ඉටු කළේ ය.
විදේශීය
1 -
පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.
ක්‍රීඩා
1 -
දකුණු අප්‍රිකාව සමග පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය දින 2ක් ඉතිරිව තිබියදී ලකුණු 278කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සමත් විය.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය සඳහා ලකුණු 352ක ඉලක්කයක් කරා හඹා ගිය දකුණු අප්‍රිකා ක්‍රීඩකයින්ට දෙවැනි ඉනිමේදී සියලු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 73ක් පමණි.
2 -
බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ 3 වන ස්ථානය දිනා ගත්තේ ය.
ඒ, එංගලන්තය සමග පැවති තරගය ගෝල 2 - 0ක් ලෙස ජය ගනිමිනි.
බෙල්ජියම ලෝක කුසලාන පාපන්දු තරගාවලියක 3 වන ස්ථානය හිමි කර ගත්තේ පළමු වරට ය.