පකිස්ථාන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාර ගනී

128 දෙනෙකුට මරු කැඳවූ පකිස්ථාන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාර ගනී

by Staff writer 14-07-2018 | 7:23 AM

(News 1st) - පුද්ගලයින් 128 දෙනෙකුට මරු කැඳවමින් පකිස්ථානයේ දේශපාලන රැළියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

මාස්ටන් නගරයේ පැවති රැළියට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් ප්‍රාදේශීය අපේක්ෂකයෙකු ද ජීවිතක්ෂයට පත්ව ඇතැයි පකිස්ථාන පොලීසිය සඳහන් කළේය. මීට පෙර ද පකිස්ථානයේ බන්නු නගරයේ පැවති දේශපාලන රැළියකට ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය. විදෙස් වාර්තාවන්හී දැක්වෙන්නේ මෙය 2014 වසරෙන් පසු පකිස්ථානයට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බව ය.