හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ 5ක් කොටුවෙයි

හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ 5ක් පන්නිපිටියේදී කොටුවෙයි

by Chathuranga Rajapaksha 14-07-2018 | 10:23 AM

COLOMBO (News 1st) - හෙරොයින් ජාවාරමේ නිරත එකම පවුලේ සාමාජිකයින් 05 දෙනෙකු පන්නිපිටිය, වීර මාවතේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මව, පියා, දියණිය, පුත්‍රයා සහ දියණියගේ පෙම්වතායි. ඔවුන් වීර මාවතේ නිවසක හෙරොයින් පැකට් කරමින් සිටින අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි. වීර මාවතේ නිවස ඔවුන් මසකට රුපියල් විසි අට දහසක මුදලකට කුලියට ගෙන ඇතැයි ද පොලීසිය සඳහන් කළේය. අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින්වල බර ප්‍රමාණය මෙතෙක් ගණනය කර නොමැත. මේ අතර හෙරෝයින් ජාවාරමේ නිරත සැකකරුවන් තුන් දෙනෙකු කොළඹ ප්‍රදේශ කිහිපයකදී අත්අඩංගුවට තිබේ. ඔවුන් සතුව තිබී සොයාගත් හෙරෝයින් ප්‍රමාණය ග්‍රෑම් 10කි. බොරැල්ල ,කෙසෙල්වත්ත හා කොම්පඤ්ඤ වීදිය යන ප්‍රදේශවලදී ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලීසිය ප්‍රකාශ කළේය.