හම්බන්තොට වැසියන්ට බාධා කළ වන අලි රංචුවක් කොටුවෙයි

හම්බන්තොට ජන ජීවිතයට බාධා කළ වන අලි රංචුවක් කොටු කර ගනී

by Staff writer 14-07-2018 | 12:45 PM

COLOMBO (News 1st) - හම්බන්තොට ජන ජීවිතයට බාධා වන අයුරින් සැරිසැරූ වන අලි රංචුවක් එම ප්‍රදේශයේ කළ මෙහෙයුමකින් කොටුකර ගැනීමට වනජීවි නිලධාරීන් සමත් විය.

වනජීවි දෙපාර්තමේන්තුවේ දකුණු හා ඌව පළාත් භාර සහකාර අධ්‍යක්ෂ ප්‍රසන්ත විමලදාස මහතා සඳහන් කළේ, එලෙස කොටුකර ගත් වන අලි 25 ක් පමණ රංචුවක් හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට යොමු කිරීමට පියවර ගත් බව ය. අද අලුයම වනතෙක් අලි රංචුව රක්ෂිතයට මුදා හැරීමේ කටයුතු සිදුකළ බව ද ඔහු සඳහන් කළේය.