මොණරාගල වෙඩි තැබීම් දෙකකින් දෙදෙනෙකු මරුට

මොණරාගල වෙඩි තැබීම් දෙකකින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

by Staff writer 14-07-2018 | 7:06 AM

COLOMBO (News 1st) - මොණරාගල, කුඩා ඔය සහ ගොවිඳුපුර ප්‍රදේශවල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

පොලිසිය පැවසුවේ කුඩා ඔය, ඌව කුඩා ඔය ප්‍රදේශයේදී ඊයේ රාත්‍රී 11.30 ට පමණ සිදුවූ වෙඩි තැබිමකින් 52 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් ඇති බව ය. පුද්ගලයින් තුන් දෙනෙකු අතර පවතින ආරවුලක් ඝාතනයට හේතු වී ඇති අතර ඒ සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිසිය පැවසුවේ මෙරට නිෂ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව ය. මේ අතර මොණරාගල, ගොවිඳුපුර ප්‍රදේශයේ ද අද අලුයම වෙඩි තැබීමක් සිදුව තිබේ. ඉන් මියගොස් ඇත්තේ 38 හැවිරිදි පුද්ගලයෙකි. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. පොලීසිය පැවසුවේ සිද්ධියට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව ය. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කළේය.