රෝස තිරුවානා නිධියේ කැණිම් බලපත‍්‍රය අත්හිටුවයි

මාතලේ රෝස තිරුවානා නිධියේ කැණිම් බලපත‍්‍රය අත්හිටුවයි

by Chathuranga Rajapaksha 14-07-2018 | 8:33 AM

COLOMBO (News 1st) - මාතලේ, උකුවෙල, රත්වත්තේ පිහිටි රෝස තිරුවානා නිධිය කැණිම් සඳහා ලබා දී තිබූ බලපත‍්‍රය අත්හිටුවීමට උකුවෙල ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.

එම ප‍්‍රාදේශීය සභාවේ උප සභාපති අබ්දුල් නිෂාර් මහතා පැවසුවේ මන්ත‍්‍රීවරු සියලුදෙනාගේ ඒකමතික තීරණය අනුව මෙම පියවර ගත් බව ය. මෙම තිරිවානා නිධිය ඉහළ වටිනාකමකින් යුත් ඛණිජයක් බව පරිසරවේදී ගාමිණී ජයතිස්ස මහතා පවසයි. ඔහු පැවසුවේ මේ ඛණිජය භාවිත කරමින් පරිගණක චිප් මෙන්ම සිලිකන් ලෝහය ද නිෂ්පාදනය කළ හැකි බව ය.