බස් රථ භාවිතයේ නිරත මගීන් සංඛ්‍යාව 9% කින් පහළට

බස් රථ භාවිතයේ නිරත මගීන් සංඛ්‍යාව 9% කින් පහළට

by Chathuranga Rajapaksha 14-07-2018 | 8:13 AM

COLOMBO (News 1st) - පසුගිය වසර 5ට සාපෙක්ෂව මගී ප්‍රවාහන බස් රථ භාවිත කරන මගීන් සංඛ්‍යාව 9% කින් අඩු වි ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා සඳහන් ක‍ළේ, බස් ගාස්තු ඉහළ යාම, අධික මගී තදබදය සහ වාහන තදබදය මීට හේතු වී ඇති බව ය. මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ දෛනිකව මගීන් 1500 ත් 2000 ත් අතර සංඛ්‍යාවක් බස් භාවිතයෙන් ඉවත් වන බව ය.