පේරාදෙණිය ඉංජිනේරු සිසුන් පිරිසක් පන්ති වර්ජනයක

පේරාදෙණිය ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක

by Staff writer 14-07-2018 | 1:02 PM

COLOMBO (News 1st) - පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ සිසුන් පිරිසක් පන්ති වර්ජනයක් ආරම්භ කර තිබේ.

ඒ, සිසුන් 19 දෙනෙකුට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය විසින් විභාග තහනමක් පැනවීමට විරෝධය පල කරමිනි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ ඉංජිනේරු පීඨයේ සභාපති නිපුන ප්‍රභාෂ්වර මහතා පැවසුවේ, පැමිණිම 80%ක් නොමැති බව පවසමින් ඉංජිනේරු පිඨයේ සිසුන්ට මෙලෙස විභාග තහනම් කර ඇති බව ය. නමුත් ඉංජිනේරු පීඨයේ ගැටළු රැසක් පැන නැගී ඇති බවත් ඊට විසඳුම් ලබා නොදී පාලනාධිකාරිය විසින් සිසුන්ගේ විභාග තහනම් කරමින් සිටින බවටත් නිපුන ප්‍රභාෂ්වර මහතා චෝදනා කරමින් කියා සිටියේය. මේ සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උසස් නිලධාරියෙකුගෙන් නිව්ස්ෆස්ට් විමසිමක් කළේය. ඔහු පැවසුවේ 80% පැමිණීම නොමැති කිසිඳු ශිෂ්‍යයෙකුට විභාග සඳහා පෙනි සිටීමට ඉඩ නොදෙන බව ය. ඒ, හේතුවෙන් ආදාළ සිසුන් සම්බන්ධයෙන් ගත හැකි ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇති බව ද ඔහු සඳහන් කළේය. විශ්වවිද්‍යාලයේ පහසුකම් සම්බන්ධයෙන් යම් ගැටළු පැන නැගුණ ද ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සිදු කළ යුතු බවත් එම ගැටළු මුල් කර ගනිමින් විශ්වවිද්‍යාලයේ කටයුතුවලට බාධා වන ලෙස කටයුතු කිරිම සාධාරණ නොවන බව ත් එම නිලධාරියා වැඩි දුරට ත් සඳහන් කළේය.