පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

by Staff writer 14-07-2018 | 11:35 AM

COLOMBO (News 1st) - පාන් හැර සියලු බේකරි නිෂ්පාදනවල මිල හෙට මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ දමා ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසුවේ බනිස්, මාළු පාන්, වියන්රෝල් මිල ඉහළ ගිය ආහාර අතර වන බව ය. පාන් මිල සම්බන්ධයෙන් රජයෙන් සහනයක් අපේක්ෂා කරන බව ද ඔහු සඳහන් කළේය.