බිළිඳෙකු අලෙවි කිරීමට තැත්කළ 4ක් අත්අඩංගුවට

අලුත උපන් බිළිඳෙකු අලෙවි කිරීමට තැත්කළ 4ක් අත්අඩංගුවට

by Staff writer 14-07-2018 | 11:54 AM

COLOMBO (News 1st) - දින 15 ක් වයසැති පිරිමි දරුවෙකු රාගම රෝහල අසලදී අලෙවි කිරීමට තැත්කළ සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ දරුවා රුපියල් දෙලක්ෂ දස දහසකට අලෙවි කිරීමට උත්සාහ කළ අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු හා නිලධාරිනියක උපාය දූතයින් ලෙස යොදවා දරුවාගේ මව, මිත්තණිය, පියා සහ තැරැව්කාර කාන්තාවක් අත්අඩංගුවට ගත් බව ය. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාගම හා මස්කෙලිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. ඔවුන් අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.