COLOMBO (News 1st)
දේශීය
1 -
බදුල්ල, හල්දුම්මුල්ල, වංගෙඩිගල කන්ද තරණයට ගොස් ගින්නට මැදි වූ තරුණයින් පිරිස ඊයේ පස්වරුවේ බේරා ගැනිණි.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ, 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එම කණ්ඩායමේ සිටි බව ය.
2 -
මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශයට භාර දී තිබේ.
අධිකරණ අමාත්‍යාංශ ලේකම් ඩබ්ලිව්.එම්.එම්. ආර් අධිකාරි මහත්මිය සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුව දුන් ලැයිස්තුවට 13 දෙනෙකුගේ නම් ඇතුළත් බව ය.
3 -
බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට චීන සමාගම දුන් මුදල්වලින් ව්‍යාපෘති සිදුකර ඇත්දැයි විමර්ශනය කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ ප්‍රකාශ කළේය.
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂ මහත්මියට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් ලාබදුන් බව CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම පසුගියදා පිළිගත්තේය.
4 -
EAP සමූහ ව්‍යාපාරයට අයත් වූ ETI මූල්‍ය සමාගමේ ඇති වූ අර්බුදය නිසා එහි මුදල් තැන්පත්කරුවන් දැඩි අසීරුතාවයට පත් වූ අතර ඔවුන්ට තම මුදල් ආපසු ඉල්ලා වීදි බසින්නට පවා සිදුවිය.
ඒ අනුව ETI තැන්පත්කරුවන්ට සහන දෙනවා වෙනුවට මාධ්‍ය ආයතන අයිතිය හිමිකර ගන්නට යන විදෙස් ආයෝජකයා කවුද? ඒ පිළිබඳ තවමත් ගැටලුවකි.
5 -
නොරොච්චොලේ තාප විදුලි බලාගාරය හේතුවෙන් මේ වනවිට ඒ අවට ජනතාවට පානිය ජල ගැටළුවකට ද මුහුණ දිමට සිදු වී ඇති බවට ප්‍රදේශවාසින් චෝදනා කරති.
නොරොච්චෝලේ තාප විදුලි බලාගාරයෙන් නිකුත්වන අපද්‍රව්‍ය අවට ප්‍රදේශවල ව්‍යාප්තවීම වැළැක්වීමේ අරමුණින් මේ වනවිට විදුලි බල මණ්ඩලය සුළං බාධක ඉදිකිරිමේ හා ජලය ඉසිමේ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබේ.
6 -
ගම්මැද්ද වී ෆෝර්ස් (V’Force), ස්වෙච්ඡා කණ්ඩායම්වල ශ්‍රම දායකත්යෙන් පොදු අරමුණු ඉටු කරන නවතම සමාජ සුභ සාධන වැඩසටහන ලබන 21 වැනිදා සීගිරිය පරිශ්‍රයෙන් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඒ අනුව එහි පළමු අදියර පිළිබඳ ආගමික නායකයින් ඊයේ දැනුවත් කෙරිණි.
විදේශීය
1 -
චීනයේ රසායනික කර්මාන්ත ශාලාවක් තුළ සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් තිබේ.
සිද්ධියෙන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය
ක්‍රීඩා
1 -
ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අවසන් වනවිට එහි වැඩි ගෞරව දිනා ගැනිමට සත්කාර ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
දෙවැනි දිනය සඳහා තරගය නතර කරන සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 6 ක් අතැතිව දකුණු අප්‍රිකාවට වඩා ඉදිරියෙන් සිටින ලකුණු සංඛ්‍යාව සංඛ්‍යාව 272 කි.
තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.