කොබෙයිගනේ වැවක ගිලීමෙන් මවක් හා දියණියක් මරුට

කොබෙයිගනේ වැවක ගිලීමෙන් මවක් හා දියණියක් මරුට

කොබෙයිගනේ වැවක ගිලීමෙන් මවක් හා දියණියක් මරුට

කර්තෘ Staff writer

14 Jul, 2018 | 8:25 am

COLOMBO (News 1st) – කුරුණෑගල, කොබෙයිගනේ, සුබසෙතගම වැවේ දිය නෑමට ගිය මවක් හා දියණියක් දියේ ගිලී මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ මරදාන ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි මවක් හා 10 හැවිරිදි දියණියක් එලෙස මියගොස් ඇති බව ය.

ඔවුන් කොබෙයිගනේ ප්‍රදේශයේ නිවසක දින කිහිපයක් තිස්සේ නවාතැන් ගෙන සිට ඇති බව ද පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ ඔවුන් දෙදෙනා ඊයේ පස්වරුවේ දිය නෑමට ගිය අවස්ථාවේ සිද්ධියට මුහුණපා ඇති බව ය.

ඔවුන්ගේ මළ සිරුරු නිකවැරටිය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද පැවැත්වීමට නියමිත ය.