වංගෙඩිගලකන්දේ ගින්නට මැදි වූ සිසුන් පිරිස බේරා ගනී

UPDATE : බදුල්ල, වංගෙඩිගලකන්දේ ගින්නට මැදි වූ සිසුන් පිරිස බේරා ගනී

by Staff writer 13-07-2018 | 4:54 PM

COLOMBO (News 1st) - බදුල්ල, හල්දුම්මුල්ල, වංගෙඩිගලකන්ද තරණයට ගොස් ගින්නට මැදි වූ තරුණයින් පිරිස අද පස්වරුවේ බේරා ගැනිණි.

ඒ, යුද හමුදාව, හල්දුම්මුල්ල පොලීසිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ නිලධාරින් එක්ව කළ මෙහෙයුමකින් අනතුරුවයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ, පිළියන්දල ප්‍රදේශයේ සිට පැමිණි තරුණයින් 10 දෙනෙකු අද පෙරවරුවේ කන්දේ හටගත් ගින්නට මැදි වූ බව ය. ඔවුන් පෞද්ගලික විශ්වවිද්‍යාවල ඉගෙනුම ලබන සිසුන් පිරිසකි. උදය කුමාර මහතා ප්‍රකාශ කළේ, එම සිසුන් පිරිස මේ වනවිට හල්දුම්මුල්ල ප්‍රාදේශිය ලේකම්වරයා භාරයට ගෙන ඇති බව ය.