වංගෙඩිගලකන්ද තරණයට ගිය කණ්ඩායමක් ගින්නකට මැදිවෙයි

වංගෙඩිගලකන්ද තරණයට ගිය කණ්ඩායමක් ගින්නකට මැදිවෙයි

by Staff writer 13-07-2018 | 4:25 PM

COLOMBO (News 1st)- බදුල්ල, හල්දුම්මුල්ල, වංගෙඩිගලකන්ද තරණයට ගිය තරුණයින් කණ්ඩායමක් ගින්නකට මැදිව තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල්. උදය කුමාර මහතා සඳහන් කළේ, 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් එම කණ්ඩායමේ සිටින බව ය. ඔවුන් සමග පවතින සන්නිවේදන සබඳතා ඔස්සේ මුදා ගැනීම සදහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා තිබේ. ඔවුන් මුදා ගැනීම සදහා යුද හමුදාව, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාල නිලධාරින් යොදවා තිබේ.