බැසිල්ගේ බිරිඳට චීන සමාගම දුන් මුදල් ගැන විමර්ශන

බැසිල්ගේ බිරිඳට චීන සමාගම දුන් මුදල් නියමිත ව්‍යාපෘතිවලට යොදවා ඇත්දැයි විමර්ශනයක්

by Staff writer 13-07-2018 | 9:50 PM

COLOMBO (News 1st) - බැසිල් රාජපක්ෂ හිටපු අමාත්‍යවරයාගේ බිරිඳට චීන සමාගම දුන් මුදල්වලින් ව්‍යාපෘති සිදුකර ඇත්දැයි විමර්ශනය කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද ප්‍රකාශ කළේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ බිරිඳවන පුෂ්පා රාජපක්ෂ මහත්මියට රුපියල් එක්කෝටි අනූහතර ලක්ෂ දස දහසක් හෙවත් අමෙරිකානු ඩොලර් එක්ලක්ෂ පනස්දහසක් ලාබදුන් බව CICT හෙවත් කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගම ඊයේ පිළිගත්තේය. සමාගම නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙම මුදල් යහපත් චේතනාවෙන් නිවාස ව්‍යාපෘතියක් වෙනුවෙන් ලබාදුන් බව ය. CICT සමාගමේ කොටස්වලින් සියයට 85 ක් අයිතිවන්නේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩින් නමැති චීන සමාගමටයි.