ගම්මැද්ද V'Force සමග එකතු වී ඔබත් නායකයෙකු වන්න...

ගම්මැද්ද V'Force සමග එකතු වී ඔබත් නායකයෙකු වන්න...

by Staff writer 13-07-2018 | 7:54 PM

COLOMBO (News 1st) - ගම්මැද්ද වී ෆෝර්ස් (V'Force), ස්වෙච්ඡා කණ්ඩායම්වල ශ්‍රම දායකත්යෙන් පොදු අරමුණු ඉටු කරන නවතම සමාජ සුභ සාධන වැඩසටහනයි .

ලබන 21 වැනිදා සීගිරිය පරිශ්‍රයෙන් ආරම්භවන එහි පළමු අදියර පිළිබඳ ආගමික නායකයින් අද දැනුවත් කෙරිණි. ගම්මැද්ද වී ෆෝර්ස් (V'Force) වැඩසටහන පිළිබඳව සියම් මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් දැනුවත් කළේය . අනතුරුව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන මහනාහිමියන්ද බැහැදැක මෙම වැඩපිළිවෙළට ආශිර්වාද ලබා ගත්තේය. කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද ගම්මැද්ද වී ෆොර්ස් වැඩසටහනට ආශිර්වාද කළේය. අනතුරුව වී ෆොර්ස් සමාජ සුබ සාධන වැඩසටහන පිළිබඳව සමස්ත ලංකා හින්දු කුරුකල්වරුන්ගේ සංවිධානයේ සභාපති ශිව ශ්‍රී වෛදීෂ්වරන් කුරුක්කලතුමන් දැනුවත් කෙරුණේ වැල්ලවත්තේදී ය. අද පස්වරුවේ නිව්ස්ෆස්ට් කණ්ඩායමක් කොළඹ මහ පල්ලියේදී ගම්මැද්ද වී ෆොර්ස් වැඩසටහන වෙනුවෙන් ආශිර්වාද ලබා ගත්තේය. ඔබත් ගම්මැද්ද වී ෆෝර්ස් වැඩසටහනට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වීමට කැමැත්තක් දක්වන්නේ නම් 011 4 896 896 දුරකතන අංකයට අමතා වැඩිදුර තොරතුරු දැනගත හැකියි. එමෙන්ම නිව්ස්ෆස්ට් ෆේස්බුක් පිටුව හරහා මෙන්ම www.newsfirst.lk අපගේ වෙබ් අඩවිය හරහා ද ඔබට ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට මෙන්ම ලියාපදිංචි වීමටද අවස්ථාව ලබාදී තිබේ.