by Staff writer 12-07-2018 | 11:33 AM
යුද වියදම් සඳහා ගෙවන මුදල දෙගුණ කරන ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් නේටෝ සංවිධානයේ සාමාජික රටවලින් ඉල්ලා තිබේ.
ධවල මන්දිරය සඳහන් කළේ, බෙල්ජියමේ බ්‍රසල්ස් නුවර පැවති නේටෝ සංවිධාන සමුළුවේදී අමෙරිකානු ජනපතිවරයා මෙම ඉල්ලීම කළ බවයි.
මේ අනුව නේටෝ සංවිධානයේ සාමාජික රටවල් සිය රටේ දළ ජාතික නිෂ්පාදනයෙන් 4% ක් යුද වියදම් වෙනුවෙන් වෙන්කළ යුතු බව අමෙරිකානු ජනපතිවරයා කියා සිටියේ ය.
සෙසු සාමාජික රටවලට වඩා වැඩි මුදලක් අමෙරිකාව ආරක්ෂක වියදම් ලෙස වැයකිරීම අසාධාරණ බව අමෙරිකානු ජනපතිවරයා මීට පෙර ද වරින්වර කියා සිටි.
කෙසේ වෙතත් නේටෝ සංවිධානයේ මහ ලේකම් ජෙන්ස් ස්ටොල්ටෙන්බර්ග් කියා සිටියේ, සාමාජික රටවල් ඉදිරියේදී සිය ආරක්ෂක වියදම් ඉහළ නැංවීමට පියවර ගනු ඇති බවයි.