Update: නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති දිවයිනට

Update: නිල සංචාරයක් සඳහා තායිලන්ත අගමැති දිවයිනට

by Staff writer 12-07-2018 | 1:14 PM

COLOMBO (News 1st) 

Update: 3.42 pm - තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා මහතා දෙදින නිල චාරිකාවක් සඳහා අද පස්වරුවේ දිවයිනට පැමිණියේ ය.

-----------------------------------------------------------------------------------------------------------------------------------------

තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා මහතා දෙදින නිල චාරිකාවක් සඳහා අද දිවයිනට පැමිණිමට නියමිත වේ.

ඒ, ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ආරාධනයකට අනූවයි. තායිලන්ත අග්‍රාමාත්‍යවරයා පිළිගැනීමේ රාජ්‍ය උත්සවය අද පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධනාත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වනු ඇති. අනතුරුව නායකයින් දෙදෙනා අතර ද්විපාර්ශවික සාකච්ජා පැවැත්වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ ය. තායිලන්ත අගමැතිවරයාගේ මෙරට සංචාරයේදී දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි. තායිලන්ත අග්‍රාමාත්‍ය ජෙනරාල් ප්‍රයුත් චාන් ඔචා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අතර නිල හමුව හෙට උදෑසන පැවැත්වීමට සැලසුම් කර තිබේ. එහිදී අග්‍රාමාත්‍යවරුන් අතර ආර්ථික, වෙළෙඳ හා ආයෝජන ක්ෂේත්‍ර පිළිබඳව සාක්ච්ඡා පැවැත්වෙනු ඇති. සංචාරයේදී තායිලන්ත අග්‍රාමාත්‍යවරයා මහනුවර ඓතිහාසික දළදා මාලිගාවේ ද සංචාරය කිරීමට නියමිත අතර අස්ගිරි - මල්වතු මහනාහිමිවරුන් ද බැහැදැකීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.