English
தமிழ்
කර්තෘ Staff writer
12 Jul, 2018 | 7:46 am
ඒ, ප්‍රබල එංගලන්තයත් සමග පැවැති දෙවන අවසන් පූර්ව තරගය ජය ගනිමිනි.
ඒ අනුව ලබන ඉරිදා මොස්කව් නුවරදී පැවැත්වෙන අවසන් මහ තරගයේදී ප්‍රංශයට එරෙහිව ක්‍රොඒශියාව තරග බිමට පිවිසෙන්නේ තරගාවලියේ අපරාජිත කණ්ඩායම ලෙසයි.
79000 කට ආසන්න පාපන්දු ලෝලීන් පිරිසකගේ සහභාගීත්වයෙන් එංගලන්තය සහ ක්‍රොඒශියාව අතර මෙම තරගය රුසියාවේ මොස්කව් හි ලුස්නිකි ක්‍රීඩාංගණයේදී පැවැත් විණි.
මෙවර තරගාවලියේ ශූරයන් වනු ඇතැයි වැඩි දෙනකුගේ අනාවැකිවලින් උද්දාමයට පත් ව සිටි එංගලන්තය තරගයේ ගෝල රැස් කිරීම ආරම්භ කළේ තරගයේ පස්වැනි මිනිත්තුවේදී ය.
එම කණ්ඩායමේ කිරන් ට්‍රිපියර් නිදහස් පහරක් මගින් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ය.
තරගයේ 29 වන මිනිත්තුවේදී මෙවර තරගාවලියේ රන් සපත්තුවේ හිමිකරු ලෙස සැලකෙන එංගලන්ත නායක හැරී කේන්ට පහසුවෙන්ම ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවූවත් ඉන් සාර්ථක ප්‍රතිඵල නෙලා ගැනීමට නොහැකි වූයේ ක්‍රොඒශියා දැල රකින්නා වන ඩැනියෙල් සුභාෂික් එම උත්සහය සාර්ථකව ව්‍යාර්ථ කිරීමත් සමගයි.
ප්‍රතිවාදී ක්‍රොඑශියා කණ්ඩායමට එම අර්ධයේදී කිසිදු ගෝලයක් වාර්තා කිරීමට අවස්ථාව හිමිනොවුනු අතර ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමාවුනේ එංගලන්තයට ගෝල 1 ට 0 ක් ලෙස පෙරමුණ හිමිකර දෙමිනි.
තරගයේ දෙවන අර්ධය ආරම්භයේ සිටම ක්රොඑශියාව ආක්‍රමණශීලි ක්‍රීඩා විලාසයත් අනුගමනය කළ අතර 68 වන මිනිත්තුවේදී ක්‍රියාත්මක වූ අයිවන් පෙරිසිච් සිය කණ්ඩායමට පළමු ගෝලය එක් කළේ ය.
තරගයේ 82 වැනි මිනිත්තුවේදී ක්‍රොඒශියාවට නැවතත් ගෝලයක් ලබා ගැනීමට අවස්ථාව හිමිවුව ද එංගලන්ත දැල රකින්නා වන ජෝඩාන් පික්ෆෝර්ඩ්ගේ දක්ෂතා හමුවේ එම ගෝලය ව්‍යර්ථ කිරීමත් සමග ජයග්‍රාහකයන් තීරණය කිරීමට අතිරේක කාලයක් ලබාදීමට විනිසුරුවන්ට සිදු වූයේ, නියමිත කාලය අවසන් වන විට දෙපිලම ගෝලය බැගින් ලබා සිටීම හේතුවෙනි.
තරගයේ අතිරේක කාලයේදී ක්‍රියාත්මක වූ ක්‍රොඑශියාවේ මරියෝ මාන්සුකික් සිය කණ්ඩායමට ජයග්‍රාහී ගෝලය එක් කළේ ඉතිහාසයේ පළමු වරට ලෝක කුසලාන පාපන්දු තරගාවලියක අවසන් මහා තරගයට ක්රොඑශියාවට දොරගුළු විවර කරමිනි.
ඒ අනුව ගෝල 2 ට 1 ක් ලෙස ප්‍රබල එංගලන්තය පරාජය කළ ක්රොඑශියාව මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබා ගත්තේ ය.
අවසන් මහා තරගය කරා පැමිණි ගමනේදී සිය අපරාජිත බව රැක ගැනීමට ද ක්රොඒශියානු ක්‍රීඩකින් සමත් වීම විශේෂත්වයකි.
ඒ අනුව එළඹෙන 15 වන දා මෙවර ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගයේදී ප්‍රබල ප්‍රංශය හා කෝඩුකාර ක්රොඑශියාව පාපන්දු ලෝක ශූරයින්ට පිරිනමන රන් කුසලානය තමන් සතු කර ගැනීමට පිටියට පිවිසිමට නියමිත වේ.
02 Nov, 2019 | 10:58 AM
13 Jul, 2019 | 12:57 PM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS