by Staff writer 11-07-2018 | 11:49 AM
COLOMBO (News 1st) - ශ්‍රී ලාංකික ධීවරයින් 6 දෙනෙකු රැගත් යාත්‍රාවක් ජාත්‍යන්තර මුහුදේදී කාර්මික දෝෂයකට ලක්ව තිබේ.
ධීවර දෙපාර්තමේන්තුවේ සෝදිසි මෙහෙයුම් අධ්‍යක්ෂ එස්.ඩී.පී. තිසේරා මහතා සඳහන් කළේ, එම යාත්‍රාව මේ වන විට දියාගෝ ගාසියා හා මාලදිවයින අතර ජාත්‍යන්තර මුහුදේ පාවෙමින් ඇති බව ය.
අමෙරිකානු ගුවන් යානයක් විසින් මෙම ධීවරයින් සිටින ප්‍රදේශය හඳුනාගෙන ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
පසුගිය 20 වන දා දෙවුන්දරින් මුහුදු ගිය අගනිස 01 නමැති යාත්‍රාව මෙලෙස අනතුරට ලක්ව ඇති අතර ධීවරයින් මුදා ගැනීම සඳහා ධීවරයින් පිරිසක් යාත්‍රාවකින් එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව ද එස්.ඩී.සී. තිසේරා මහතා පැවසුවේ ය.