මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථවලට වැඩ වරදියි

මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථවලට ලබන පළමු වන දා සිට වැඩ වරදියි

by Staff writer 11-07-2018 | 9:35 AM
COLOMBO (News 1st) - මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ පරීක්ෂා කර දඩ පැවරීමට පොලීසියට ලබන මස පළමු වන දා සිට බලය පනවන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව පවසයි. එහි සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවසුවේ, විෂය භාර අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා එය ක්‍රියාත්මක කිරීම සඳහා උපදෙස් ලබා දුන් බව ය. ඒ අනුව ලබන මස පළමු වන දා සිට ත්‍රිරෝද රථවල මීටර් සවි කිරීම අනිවාර්ය වන අතර එසේ නොකරන ත්‍රිරෝද රථ රියැදුරන් අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට පොලීසියට බලය පැවරෙන බව ඔහු සඳහන් කළේ ය. මීටර් සවි නොකරන ලද ත්‍රිරෝද රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතු ආකාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටුවේ නිර්දේශ මත මෙම තීරණ ක්‍රියාත්මක ය.